අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ප්‍රධාන මාර්ග සහ පාලම් ඉදිරි දින 5 තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර වාහන ධාවනයට පහසුකම් සලසා දීමට උත්සාහ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.Sri Lanka Latest News
මේ වනවිටත් එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයන් විසින් ආරම්භ කරන ඇති බවද හෙතෙම පැවැසීය.










