• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

9 වැනි පාර්ලිමේන්තුව කචල් ගොඩක්! 10 වැනි පාර්ලිමේන්තුවට අද 225ක් තෝරනවා! I Sri Lanka Latest News

November 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.Sri Lanka Latest News

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්හතර දෙනෙකු (17,140,354) සුදුසුකම් ලබා සිටිති. නිවාස 6,476,670 ක පදිංචිව සිටින ඡන්දදායකයින් මෙවර ඡන්දය සළකුණු කරති.

මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 83 ක් ලියාපදිංචි අතර,ඉන් දේශපාලන පක්ෂ 49 ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරයි.

මේ අනුව, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,361 ක් නාමයෝජනා බාරදුන් අතර, ජාතික ලැයිස්තුව මගින් නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 527 කි.මේ අනුව, සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 8,888 කි.

දස වැනි පාර්ලිමේන්තුව සඳහා මහජනතාවගේ ඡන්දයෙන් සභිකයින් 196 දෙනකුද, ජාතික ලැයිස්තුව මගින් සභිකයින් 29 දෙනකුද තෝරා පත්කර ගැනීමට නියමිතය.

මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107 කි. සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147 ක් තනි පෝලිමකින්ද, 7,274 ක් පෝලිම් දෙකකින්ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමය. ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සුළැඟිල්ල සහ මහපට ඇගිල්ල සලකුණු කිරීම හේතුවෙන් මෙවර වම් අතෙහි දබර ඇඟිල්ල සළකුණු කෙරෙන බවද කොමිසම සඳහන් කරයි.

ඡන්දපොලට ඇතුළුවන දොරටුවේ සිට මීටර් භාගයක දුර ප්‍රමාණයක් ඇතුළතදී කිසිම තැනැත්තෙකු විසින් ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගෙන් ඡන්දය ඉල්ලීම,යම් අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළැඹවීම, අත් පත්‍රිකා, දැන්වීම්, යම් අපේක්ෂකයෙකුට වෙන්කර ඇති යම් ලකුණක් බෙදාදීම,ප්‍රදර්ශනය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් වීමෙන් පසු තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7.15 ට පමණ ආරම්භ කරන බවද එම කොමිසම සඳහන් කරයි.

මැතිවරණ කොට්ඨාස 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582 කි. මෙම ශාලා අතුරින් 452 කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර,සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සංඛ්‍යාව 1,582 කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 80,000 ක් යොදවා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම කොමිසම කියයි.

SendShareShare
Previous Post

මෙන්න ආයෙත් තැන තැන වෙඩි තියනවා! I Sri Lanka Latest News

Next Post

හෙණ පිට හෙණ ගැහුවත්… බෙල්ල ගාවට ගංවතුර ගැලුවත් ඡන්දෙ දාන්න යන්න! ඒක අපේ අයිතිය..! අපේ බලය..! අපේ හඬ..! රටේ අනාගතය..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.