වර්තමානයේ අටවාගෙන ඇති සටකපට ආණ්ඩුව සැබෑ 21වෙනි සංශෝධනය වෙනුවට,රැවටිලිකාර සටකපට විසි එකසිදුකරන සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත්,දහනව වන සංශෝධනය ශක්තිමත් ලෙස ගෙන එමින් විසිවෙනි සංශෝධනය අහෝසි කිරීමත්,ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීමත් ආණ්ඩුව නොවළහා කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා,ආණ්ඩුව සිදුකරන ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු නවතා දැමිය යුතු යැයි ද පැවසීය










