කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ තඹ කිලෝග්‍රෑම් 192යි ග්‍රෑම් 250ක අස්ථානගතවීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. Sri Lanka Latest News
අධිකරණ පරිශ්‍රයේ ඇති නඩු භාණ්ඩ රඳවා තබන දැල් කාමරය තුළ මෙම තඹ තොගය තිබී ඇති බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පෙරේදා (29) අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම තඹ තොගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පන්නල පොලිස් ස්ථානය මඟිනි.
කිසියම් අයකු විසින් මෙම තඹ තොගය සොරාගෙන ඇති බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.









