යාපනය -මහනුවර ඒ 9 මාර්ගයේ වසර 17 ක් ක්‍රියාත්මක වූ අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඊයේ (13 ) ඉවත් කොට තිබේ. (Sri Lanka Latest News)
අලිමංකඩ ප්‍රදේශයේ මුලින්ම මෙම යුද හමුදා-පොලිස් මුරපොල පිහිටුවා ඇත්තේ 1952 වසරේදීය. පසුව එය ඉවත් වීමෙන් පසුව 2008 වසරේදී යුද හමුදාව හා පොලීසිය විසින් එම මුරපොල යළි ආරම්භ කොට ඇත.
අවසන් යුද සමයේ දකුණේ සිට උතුරට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම පිණිස යොදවන ලද එම මුරපොල හරහා ගමන් කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කළ පිරිසට දැඩි අපහසුතාවයකට මූණ පාන්නට සිදුවුණි.
අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඉවත් කිරීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලනඥයින් රජයට ඔවුන්ගේ සතුට පලකොට තිබේ.
lankasara










