ඉන්දියානු ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Sa Re Ga Ma Pa Tamil Li’l Champs (season 3) තරගාවලියකින් ජය ගැනීමට සමත් වූ තවමත් 14 වන වියේ පසුවන Kilmisha Yazhisai Uthayaseelan අද (28) ඉන්දියාවේ සිට යාපනය, පලාලි ගුවන්තොටුපලින් යලි මෙරටට පැමිණ සිටිනවා. Sri Lanka Latest News
පසුගිය 17 ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගයේ කිරුළ දිනාගැනීමට සමත් වූ ඇය මහත් හරසරින් යුතුව එහිදී පිළිගත් බවයි වාර්තා වන්නේ.
ඇද හැලෙන සිහින් වැසි පොද මැද පලාලි සිට Kilmisha Yazhisai Uthayaseelan විවෘත ජීප් රථයක නැගී සිය නිවෙස වෙත රැගෙන යන අතර තුර විවිධ පිළිගැනීම් සහ හරසර දැක්වීම් ගණනාවක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.










