වසර දහතුනකට පසුව වාර්තාවන ඉහළම උද්ධමනය ගෙවුණු ජනවාරි මාසයේ දී වාර්තා කරමින් 14.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
2021 නොවැම්බර් මාසයේ පැවතියේ 11% මට්ටමේ පැවැති උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ දී 12.1%ක වර්ධනයක් පෙන්නුම් කළේය.
ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 25% කින් ද ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය 9.2 කින් ද ඉහළ ගොස් තිබේ.
කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් අස්වැන්න අඩු වූ ගොවීන්ට වන්දි ගෙවීම සදහා රජය පසුගිය දා රුපියල් බිලියන 40 ක මුදලක් වෙන් කරන බව ප‍්‍රකාශ කළේ ය.
එමෙන්ම වී කිලෝවක් සදහා රුපියල් 75 ක සහතික මිලක් ලබා දෙන බවටද පොරොන්දු වී තිබේ.
මේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් ඉදිරියේ දී උද්ධමනය තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.










