එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියේය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්ව ලබා දේ.
මෙලෙස අනියුක්ත කරනු ලබන හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාර පාන/ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂී කාර්යන් රැසකට සක්‍රිය දායකත්වය ලබාදෙනු ලබයි.
මේ අතර මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා සිටි ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92 දෙනෙකු ද මධ්‍යම අප්‍රිකාවේ සිට නැවත ශ්‍රි ලංකාව වෙත පසුගියදා පැමිණියේය.





- මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වීසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අභිමානවත් අයුරින් පැවැත්වින .
- මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන කණ්ඩායම සදහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව ඇත.
- ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක රාජකාරී සදහා සම්බන්ධවිම තුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ මුදලක් මහ භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර ඇත.
- එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සදහා සහාය දැක්වීම සිදු කරනු ලබයි.










