ආනයනික ලුණු තොගවල තත්ත්ව සහතික පරීක්ෂා කිරීමේ ප්‍රමාදය නිසා එම බහාලුම් 100 කට වැඩි ප්‍රමාණයක් වරායේ තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසීය.Sri Lanka Latest News
එම සංගමය විසින් කොළඹදී ඊයේ (25 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
දිනපතාම වරායෙන් ලුණු බහාලුම් පිටතට යවනු ලබන්නේ සීමාකර බවත්, ලුණුවල තත්ත්ව සහතික ආදිය පරීක්ෂා කිරීමෙන් පසුව ගබඩා පරිශ්‍ර වෙත යවන බවත් ඔහු කීවේය.
ඉතා තද අව්රශ්මිය නිසා ලුණු දියවීමේ හැකියාව පවතින බවත්,ඇතැම් බහාලුම්වලින් එලෙස ලුණු දියවී පිටතට ගලා එන බවත් ඔහු පැවසුවේය.
ලුණු පමණක් නොව අර්තාපල්, ලූනු ආදිය සහිත බහාලුම් පරීක්ෂා කිරීමට ප්‍රමාද වීමේදී ඒවා නරක්වීමට තිබෙන ඉඩකඩ වැඩි බවද ඔහු කියා සිටියේය. ඇතැම් ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කෙරෙන්නේ ශීතකළ බහාලුම් තුළ බවත්, එම බහාලුම් වරාය පරිශ්‍රය තුළ දින දෙකක් පමණ පවතිද්දී ඒවා නරක්වීමට තිබෙන ඉඩකඩ වැඩි බවත් සනත් මංජුල කියා සිටියේය.
අහාර ද්‍රව්‍ය සඳහා රේගුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇතත්, වරායෙන් පිටත බහාලුම් පරීක්ෂා කරන ස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොසිටීම නිසා එම බහාලුම් වරාය පරිශ්‍රය තුළ සිරවී ඇතැයිද ඔහු පැවසීය.










