ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
කොම්පඤ්ඤ වීදිය විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සරණ පාරේ පිහිටි නිවසෙහි විදුලි බිල රුපියල් කෝටිය ඉක්මවා තිබියදී පවා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එහි විදුලිය විසන්ධි කිරීමට හෝ අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නොතිබීමය.











