කිලිනොච්චිය නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවෙක් තවත් සිසුවකුගේ වතුර බෝතලයකට මත්ද්‍රව්‍ය කලවම් කර දීම හේතුකොටගෙන එම සිසුවා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.
මෙම සිසුවා පළමුව කිලිනොච්චිය රෝහලටත් පසුව යාපනය රෝහලටත් මාරු කර යවා ඇති බව දැනගන්නට ඇත.
සැකකාර සිසුවා තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බව පොලිසිය පවසයි.
රෝහල්ගත කළ සිසුවා අධ්‍යපානයට දක්ෂ දරුවකු බවත් ඊර්ෂ්‍යාව මත මෙවැන්නක් සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.










