කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැටන් නගරය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
හැටන් නගරය ආශ්‍රිතව තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු අද (27) හඳුනාගෙන තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන හැටන් මහජන පොළේ අලෙවි කළ වෙළෙන්ඳෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය ඉරිදා දිනයේ හඳුනාගෙන තිබුණි.
ඉන් අනතුරුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 30 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී ඉන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස් බාලචන්ද්‍රන් මහතා පැවසුවේය.
එම ආසාදිතයින් අතර පළමු ආසාදිත මාළු වෙළෙන්ඳාගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු, රියදුරා සහ හැටන් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් 05 දෙනෙකු වන බව සඳහන් වේ.