පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කථානායකවරයා මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තුවේදී අද (23) විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව කළ යුත්තේ මහ මොළකරු ඇල්ලීම බවත්, පණිවිඩකරු දඩයම් කරන එක නොවන බවත් පෙන්වා දුන් විපක්ෂනායකවරයා වහාම පාර්ලිමේන්තු වරප්‍රසාද කියවන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.