පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හෙළි කළ කරුණු මුල්කරගෙන අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග ඕනෑම නාළිකාවක විවාදයකට තමන් සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් වීරසේකර මහතාට ප්‍රසිධ්ධ අභියෝගයක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 5ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව සදහන් කළේය.










