විධිමත් සහ විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගත හැකි බවත්, ඊට නායකත්වය දිය හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රට මේ අගාධයෙන් ගොඩ ගත හැකි දැයි කවුරුන් හෝ අසන්නේ නම් එහෙටත් නිශ්චිත පිළිතුර වන්නේ “ඔව් පුළුවන්” යන්න බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ලක්ෂ 220 කගේ ඒකායන කැපවීමත් ඊට අවශ්‍ය බව පැවසීය.
ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුව ඊයේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ආර්ථික විශේෂඥයින් මෙන්ම ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්විය.
මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වෙන සැලැස්ම එලිදැක්විමද සිදුවිය.


























