• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේ ඉඳන් අද පාන්දර ලංකාවට අරන් ඇවිත්! මරන්න එපා කියා ප්ලේන් එකේදි වැඳ වැටිලා! ‘කාටවත් බලන්න දෙන්න එපා! CIDයේ තියාගෙනම ප්‍රශ්න කරන්න!’ පොලිස්පතිගෙන් දැඩි නියෝගයක්! කුඩු සල්ලිවලට වහවැටුණු පොලිසියේ කීපදෙනෙක්ටත් වැඩ වරදින ලකුණු!

March 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන පැමිණි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර යන මහත්වරු සමඟ ඊයේ (13) සවස පොලිස්පතිවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැර වෙන කිසිදු විමර්ශන කණ්ඩායමකට භාර නොදීමට ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. එහෙත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට සිය විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල්තියා ලබා ගන්නා අවසරයක් මත මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහිදී එම ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය ඇතිව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හරක් කටා සහ කුඩු සළිඳුගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පොලිස් බලධාන්ගේ විශේෂ අවධානයක් ද යොමු කර තිබේ. ඊට මුල්වී ඇත්තේ හරක් කටා සහ කුඩු සළිඳු පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිප දෙනකු සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවට වූ බුද්ධි අංශ තොරතුරු ඇති බැවිනි. හරක් කටා සහ කුඩු සළිඳු ගැන කෙරෙන විමර්ශනවලින් හෙළි වන තොරතුරු මත එම නිලධාරීන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී විමර්ශන පැවැත්වීම කෙරෙහි ද පොලිස් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

පුද්ගලික ජෙට් යානයකින් පසුගිය පෙබරවාරි 12 වෙනිදා ධන කුවේරයන් ලෙස මැඩගස්කරයට ගිය හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පාතාල අපරාධකරුවන් 06 දෙනෙක් මැඩගස්කරය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ පසුගිය 01 වෙනිදාය. ඒ ඔවුන් මැඩගස්කරයේ සිට නැවත පිටත්ව යාමට එරට ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේදීය. මෙම පාතාල අපරාධකරුවන් හැරුණු කොට හරක් කටාගේ බිරිඳ යැයි පෙනී සිටි විදේශීය කාන්තාවක් ද ඇගේ පියා බව කියන පුද්ගලයෙක් ද සිට ඇත.

මෙම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඒ බව මෙරටට දැනුම්දී තිබුණි. එහිදී ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර සිටින හරක් කටා සහ කුඩු සළිඳුව ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට භාර දීමට මැඩගස්කරය ආරක්ෂක අංශ එකඟතාවය පළ කර තිබුණි. අනුව පසුගිය 11 වන සෙනසුරාදා මැඩගස්කරය බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරීන් සිවු දෙනෙක් මෙරටින් පිටත්ව ගිය අතර, ඊයේ (13) ඔවුන් හරක් කටාවත් කුඩු සළිඳුවත් සිය භාරයට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා රැගෙන එන මෙරට විශේෂ පොලිස් කණ්ඩායමට මැඩගස්කරයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුද එක්ව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මැඩගස්කරයේ සිට ඔවුන්ව මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක් වෙත රැගෙනවිත් තිබුණේ අප්‍රිකානු කලාපයේ රටක ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකිනි. පැය කිහිපයක් මෙම පිරිසට මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක රැඳී සිටීමට සිදු වී තිබිණි. ඒ කාලය තුළ හරක් කටා සහ කුඩු සළිඳුව රඳවා තබාගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක කුටියක බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ පැමිණෙන අතරතුර හරක් කටා සහ කුඩු සළිඳු බියෙන් වෙව්ලමින් සිටි බවත් මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන යනු ඇතැයි නොසිතූ බවත් පවසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. එහිදී ඔවුන් සිය ජීවිතයට අනතුරක් නොකරන ලෙස එම නිලධාරීන්ගෙන් ආයාචනා පවා කර ඇති බව වැඩිදුරටත් එම තොරතුරු සඳහන් කළේය.

හරක් කටා සහ කුඩු සළිඳු සමඟ ඔවුන් සතුව තිබී මැඩගස්කරය ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් ජංගම දුරකතන ද ඔවුන් දෙදෙනා සමඟ මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමට භාර දී ඇති බව ද කියැවෙයි.

එම ජංගම දුරකතන ඔස්සේ හරක් කටාගේත් කුඩු සළිඳුගේත් මත්කුඩු ජාලය ගැන පමණක් නොව මෙරට ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිසියේ මෙන්ම තවත් බොහෝ අයගේ තොරතුරු සාක්ෂි සහිතව මතුකර ගැනීමට හැකි වනු ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ඡන්දෙට සල්ලි දෙන්නේ නැත්නම් මුදල් අමාත්‍යංශ ලේකම්තුමා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මුහුණ දෙන්න සූදානම් වෙන්න! වැරදිකරු වුණොත් ජනාධිපති සමාවකින්වත් නිදහස් වෙන්න බෑ! අපි නියම වෙලාවට වැඩේ කරන්නම්! උසාවි ගිහින් ඡන්ද අයිතිය ජනතාවට දිනා දුන් නීතීඥ උපුල් ජයසූරිය ඊළග සටනට ලෑස්ති වෙයි! VIDEO

Next Post

මාර වීඩියෝ එකක්! ලංකාවට එන සුද්දෝ දිය ඇලි බලන්න යනකොට ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් පාර හරස් කරලා සුද්දෝ නවත්වලා බලෙන් ටිකට් කඩනවා! අනේ මෙහෙමත් රටක්! ඇමැතිවරු මහ ලොකු නිලධාරීන් උඹලා නිදිද? VIDEO

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.