අත්අඩංගුවට ගත් ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
මේ අතර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කොස්වත්තේ මහනාම හිමියන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
පසුගිය මස 28 වැනිදා අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයක් පැවැත් වීම ඇතුළු චෝදනා මත කොටුව පොලීසිය විසින් මෙවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.










