ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානගත වීමේ සාකච්ජා ‘සලකුණ’ මුල්කරගෙන අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවලදී ශ්‍රීලනිපය බුලත් කොළයෙන් තරග වැදිය යුතු බව කියද්දී පොදුජන පෙරමුුණේ නියෝජිතයන් වන මහින්ද-බැසිල් කණ්ඩායම පොහොට්ටුවෙන් තරග වැදිය යුතු බව දැඩිව අවධාරණය කර තිබේ.
ඒ අනුව අවසානයේදී ශ්‍රීලනිප සාමාජිකයන් දැනුම් දී ඇත්තේ පොදු සලකුණක් යටතේ හෝ තරග වැදිය යුතු බවකි.
කෙසේවෙතත් අද (03) දිනයේ පැවැති ශ්‍රිලනිප සම්මේලනයේ්දී ජනාධිපතිවරයා මෙම සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැත. අපද මීට පෙර අනාවරණය කර සිටියේ අද දින කතාවේදී ජනාධිපතිවරයා දෙපැත්තටම නැති කතාවක් සිදු කරනු ඇතැයි කියාය.