• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති 6යි! ඇමැතිකම් ගත් හරීන්ට මනූසට ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙයි!! (VIDEO)

July 10, 2022
in Exclusive
Reading Time: 13 mins read
A A
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය ධූර බාරගෙන සති 6ක් ඉක්ම යාමෙන් පසු සිය අමාත්‍ය ධූර අත්හැරීමට අද දිනයේ හරීන් ප්‍රනාන්දු මහතාටත් මනූස නානායක්කාර මහතාටත් සිදුවිය.

ඒ සම්බන්ධයෙන් ඔවුන් තබා තිබූ සටහව මෙසේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යධූරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි

මේ වන විට රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවණය පිළිබද කල් ඇතිව අවබෝධ කරගෙන සිටි අප පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටියත් ජනතා කැමැත්ත හිමිවූයේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමටය.

එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුකරණයේ ඇති අසමත්භාවයන් සම්බන්ධයෙන් සමීප අධ්‍යයනයක සිටි අපි, ජනාධිපතිවරයාගේ අසාර්ථකභාවය පිළිබද දිගින් දිගටම හඩ නැගුවෙමු.

ජනාධිපතිවරයා අසමත් බවට වන මතය සමාජ ගත කළෙමු. ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරමින් තිබූ වැඩපිළිවෙල රට බරපතල සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට පාර කපන බව දැනගත් අප එය වැලැක්වීම ස`දහා විපක්ෂයේ සිටිමින් විශාල කාර්යභාරයක් ඉටු කළෙමු.ඇතිවිය හැකිව තිබූ අර්බුදයට විසදුම් ලබාගැනීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගිය යුතු බවට වන මතය අපි සමාජ ගත කළෙමු. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ඒ වෙනුවෙන් සටන් කළෙමු. එක්ව විසදුමක් ලබාදිය යුතු යැයි විටෙක සංවේදීවත්, විටෙක ආවේගශීලීවත් සියලූම පක්ෂවලින් ඉල්ලා සිටියෙමු. එහෙත් රටේ ගැටලූ විසදන සර්ව පාක්ෂික, ප‍්‍රගතිශීලී දේශපාලන ගමනක් වෙනුවෙන් පක්ෂ නායකයින්ගෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. සාමූහික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලූ පක්ෂ එක්වූයේ නැත.එහි ප‍්‍රතිඵලයක් ලෙස අප දෙදෙනා ඇමැතිධූර භාරගනිමින්, ඇතිවෙමින් තිබූ ආර්ථික ගැටලූවට විසදුම් සොයාගැනීම සදහා අපට ලබාදිය හැකි සක‍්‍රීය දායක්තවය ලබාදුන්නෙමු.

අප එම තීරණය ගනු ලැබුවේ අපගේ දේශපාලන අනාගතය ගැන නොසිතමිනි.සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ලෙසත්, කම්කරු හා විදේශ රැුකියා ඇමැතිවරයා ලෙසත් රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒම සදහා ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග අපි අනුගමනය කළෙමු. ඒ සදහා වන ක්ෂණික, තිරසාර වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළේ මෙම ගැටලූවේ ඇති ගැඹුර අවබෝධ කරගත් නිසාය. ඒ අතරම ජනතාවට ඉක්මනින් ලබාදිය යුතු සහන ලබාදීමට කටයුතු කරමින් සිටියෙමු.එහෙත් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් තිබූ අර්බුදය, සති හයක කාලයක් තුළදී ලබාදෙන ක්ෂණික විසදුම්වලින් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකිය. පාර්ලිමේන්තු ක‍්‍රමය ගැන විශ්වාසයක් නොතිබූ පොදු ජනතාව මහමගට බැස යළිත් සටන් කරන්න ගත්තේ මේ සමගය. දැන් නැවත වරක් ඉල්ලා සිටින්නේ අප කලින් සටන් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සදහා අප දෙදෙනා, මේ වන විට දරණ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යධූරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම්දෙමු.

මනුෂ නානායක්කාර / හරින් ප‍්‍රනාන්දු

2010 UNP එකෙන් ආවා! 2011 දි මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියා! 2015දි ශ්‍රීලනිපයට පැන්නා! දින 52 කුමන්ත්‍රණයෙදි ආයෙ රනිල් ගාවට ආවා! 2019දි UNPයෙන් සජබෙට ගියා! ඇමැතිකමක් අරන් සජබෙන් ගෝඨාගේ පොහොට්ටුවට ගියා! හැම නායකයෙක්ම ළගට ගිය මනූස පාර්ලිමේන්තුවේදී මව්රටට පහර දෙයි! (VIDEO)

අමාත්‍ය මනූස නානායක්කාර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී ‘මව්රට’ පුවත්පතට සහ ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කරමින් අගමැතිවරයා හා ආණ්ඩුව අතර ගැටුම් නිර්මාණය කිරීමට මෙම වෙබ් අඩවිය කටයුතු කරන බවටත්, ආණ්ඩුව ඇතුළේ සිදුවන දෑ ඒ මොහොතේම වෙබ් අඩවියේ පළකරන බවටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී අයුරින් මාධ්‍ය මෙහෙයවන බවටත් චෝදනා එල්ල කර සිටියේය.

මේ ආකාරයටම මනූස නානායක්කාර මහතා ඊට පෙර දින පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද අප වෙබ් අඩවිය සහ පුවත්පත පිළිබද චෝදනාවක් කරමින් මාධ්‍ය මර්දනය කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ‌කළේය.

අප ඒ පුවත් සියල්ල පාඨකයන්ගේ දැනගැනීම පිණිස මව්රටනිව්ස් වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ගත්තෙමු.

කෙසේවෙතත් දිනකට පාඨකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් පිවිසෙන අපගේ වෙබ් අඩවිය මගින් ජනතාවගේ දැනගැනීම සදහා මනූස නානායක්කාර මහතා පිළිබදවද කිසියම් සටහනක් තැබීමට අප සූදානම්ය.

මනූස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකි.මුලින් ඔහු කටයුතු කළේ ස්වරණවාහිනියේය. පසුව ආණ්ඩු පෙරළියත් සමග මනූස ජාතික රූපවාහිනියට එක්විය.

මනූෂ දේශපාලනය ආරම්භ කරන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසටය.

පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වන මනූස පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තු පැමිණීමට මනූස සමත් විය.

පසුව එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන මනූස විධායක බලතල තවත් ශක්තිමත් කරන 18 වැනි සංශෝධනයට අත එසවීමට කටයුතු කළේය.

අනතුරුව 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මනූස මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දැරූ ශ්‍රීලනිපය සමග එක්වීමට පියවර ගත්තේය.

2018 දින 52 කුමන්ත්‍රණයේදී සිරිසේන මහතා අතින් නියේජ්‍ය ඇමැති ධූරයක්ද ගැනීමට මනූස සමත් විය.

පසුව දින 52 කුමන්ත්‍රණය අවසානයේදී යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට මනූස කටයුතු කළේය.

එසේ රනිල් සමග යළි එක්වූ මනූස 2019 මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටවූ සමගි ජන බලවේගයට එක්වී මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට සමත් විය.

එසේ සජබෙන් මන්ත්‍රී ධූරයක් ගත් මනූස ඉකුත් කාලවකවානුවේදී සර් ෆේල් කියමින්, පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බව කියමින් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් විශාල හඩක් නැගීය.

එසේ කෑ ගැසූ මනූෂ පසුව සජබය හැරදා ගෝඨාභය රාපක්ෂ අතින් ඇමැතිකමක් ගෙන මේ වනවිට සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමගය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන දේශපාලන නායකයන් සිව් දෙනාම සමග ‌දේශපාලනය කළ සීමිත පිරිස අතර මනූසද එක් අයෙකි.

ඉදිරියේදී මනූස කුමන දේශපාලන නායකයා සමග සිටීවිදැයි දැන්ම තියා කියන්නටද බැරිය.

මේ අප හෙළි කළේ මනූසගේ දේශපාලන ජීවිතයේ පැනිලි කිහිපය පමණය. ඉදිරියේදී තවත් ‌ඇග හිරිවැටෙන හෙළිදරව් කිරීම රැසක් සිදුකිරීමට අප සූදානම්ය.

කෙසේවෙතත් පහත දැක්වෙන්නේ මනූස විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශයන්ය.

ගෝඨාගේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් බව කී මනූස…

පාස්කු ප්‍රහාරය ගැන කළ ඇග හිරිවැටෙන හෙළිදරව්ව…

පාස්කු ප්‍රහාරය ගැන තවත් බරපතළ අනාවරණයක්…

ගෝඨා එපා කිව්වට අපි ආවා කොළඹට…

ගෝඨා ඉදිරියේ දිව්රුම් දෙන මනූස…

SendShareShare
Previous Post

තව දුරටත් ජනතාව පීඩාවට පත් කරන්න එපා! ‌ගෝඨායි රනිලුයි බලය අත්හැරලා යන්න! (VIDEO)

Next Post

ජනාධිපති මන්දිරේ ඇතුළේ රහසිගත බංකරයක්! ඇතුළට ගිය කොල්ලො දාපු වීඩියෝ එක මෙන්න! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.