සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
උතුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශයට වන්නට කොරෝනා ආසාදිතයින් හමුවී ඇති බව පැවසූ හමුදාපතිවරයා බස්නාහිර පළාතෙන් පිට වෛරසයේ ව්‍යාප්තිය පාලනයකින් යුතුව පවත්වාගන යෑමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බව කියා සිටියේය.
පසුගිය දින කිහිපයේදී කොවිඩ් මරණ වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා කියා සිටියේ සෘජුව කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 05 දෙනෙක් පමණක් බවත් සෙසු මියගිය පුද්ගලයින්ගේ මරණයට හේතුව ඔවුන්ට පැවති නිධන්ගත රෝග හේතුවෙන් ඇතිවූ සංකුලතා නිසා බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටි බවත්ය.
” පසුගිය දිනවලදී අපි දුටුවා පිළිකා රෝගය ඇතුළුව විවිධ රෝග හේතුවෙන් ඇදටම සීමාවී සිටින පුද්ගලයින්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම අයෙකුට රෝගාබාධයක් ඇත්නම් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ පවතින්නේ විශිෂ්ඨ සෞඛ්‍ය සේවයක්. ඒ නිසා යම් සෞඛ්‍ය අපහසුතාවයක් ඇත්නම් වහාම අදාළ අංශ සමග සම්බන්ධ වෙන්න”
බස්නාහිර පළාතෙන් පිටව යෑම ඊයේ රාත්‍රියේ සිට තහනම් කළා. ඒ වගේම අපි සෙසු දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෑම අවස්ථාවකම තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය ගම් ප්‍රදේශවලින් පිටව යෑම සීමා කරන්න කියා’ යැයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.








