සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හෙට(25) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලබාගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.
එහිදී නව ආසන සංවිධායකවරුන් 110 ක් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර පක්ෂයේ සෙසු තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට නියමිතය.
පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන ගොඩනැගීම සහ නව සාමාජික ව්‍යාපාරය සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩ නඟන නව දේශපාලන සන්ධානය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.










