ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසරය සම්බන්ධ මාතෘකාවලදී නිතර කතාබහට ලක් වන ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සහ රජයේ මැතිඇමතිවරුන් අතර අද විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණි.
ඒ, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.
මේ වනවිට ඇනහිට ඇති මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම ප්‍රමාද වී තිබීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු විය.
ඒ සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සහ රජයේ මැතිඇමතිවරුන් වන නිමල් ලන්සා හා ප්‍රසන්න රණවීර මහත්වරුන් අතර මත ගැටුමක් ද ඇතිවිය.










