• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංගයාට බයද මල්ලියේ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 4, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
සංගයාට බයද මල්ලියේ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්දානන්ද අලුත්ගමගේ කතා කරන 2011 ලෝක කුසලානයට පසු කුමාර සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ලෝඞ්ස්හී දේශනයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආරාධනාවක් කර තිබිණි. ශ්‍රී ලාංකිකයෙකුට එවැනි දේශනයක් පවත්වන්න ලැබුණු පළමු අවස්ථාව එය විය. සංගක්කාරගේ දේශනය ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන නිවුස් එක බවට පත්විය. ඔහු කතාව අවසන් කරද්දී හැමෝම නැඟිට අත්පොළොසන් දුන්හ. මෙවැනි පිළිගැනීමක් මීට පෙර ලැබුණේ 2008දී එහි දේශනයක් පැවැත්වූ දකුණු අප්‍රිකානු රදගුරු ඩෙස්මන්ඞ් ටුටුටය. රදගුරුතුමාගේ කතාවටත් එහි සිටි හැමෝම නැඟිට අත්පොළොසන් දී තිබිණි. සංගක්කාර එම දේශනයේදී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ දූෂණ මෙන්ම දේශපාලන මැදිහත්වීම් ගැන කළකිරීමෙන් කතා කළේ ලෝක කුසලාන පරාජයට හේතුව එය බව දැනගෙනය. ඔහුගේ මේ කතාවට එවකට ක්‍රීඩා ඇමැති අලුත්ගමගේ මෙන්ම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කෝපයට පත්විය. මහින්දානන්ද ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් ඉල්ලා සිටි අතර, ආණ්ඩුවේ මාධ්‍ය සංගක්කාර බ්‍රිතාන්‍යයේදී ලංකාව අපකීර්තියට පත්කළාය කියා පහර දුන්නේ සංගක්කාරව ද්‍රෝහියකුට අන්දවමිනි.
ඒත් එකල ආණ්ඩුවට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ විද්වතකු වූ නීතිඥ ගෝමින් දයාසිරි මෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයකු වූ කොමියුනිස්ට් පක්‍ෂ නායක ඩිව් ගුණසේකරද කීවේ සංගක්කාර එම දේශනයෙන් රටට අභිමානයක් ගෙන ආ බවය. හේතුව සංගක්කාර එම දේශනයේදී කොටි ත්‍රස්තවාදයට සේම ක්‍රිකට් ත්‍රස්තවාදයටද පහර ගැසීය. ඔහු එම දේශනය පවත්වන්න එහි ගියේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ්හී දේශනයකට ගොස් කොටි ඩයස්පෝරාවේ විරෝධතා මැද දේශනය පවත්වන්න නොහැකිව යළි ලංකාවට ආවාට පසුවය. සංගක්කාර බි්‍රතාන්‍යයට ගොස් ආණ්ඩු පාලනය විවේචනය කරමින් කොටි ඩයස්පෝරාවට උඩගෙඩි දුන්නා යැයි ආණ්ඩුවේ මාධ්‍ය චෝදනා කළත් දැඩි රාජපක්‍ෂවාදී මාධ්‍යවේදියකු සංගක්කාරගේ ආන්දෝලනාත්මක දේශනය ගැන 2017දී මෙවැනි සටහනක් කර තිබිණි.
‘සංගක්කාර ලෝඞ්ස්හී කළ දේශනයේදී හමුදාව අගයමින් කළ කතාවේ කොටස මෙරට මාධ්‍ය මුළුමනින්ම අත්හැර දමා තිබිණි. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ ක්‍රීඩකයකු ජාත්‍යන්තර තලයකදී ලංකාවේ හමුදාව අගය කිරීම වැනි දුර්ලභ, රටට වාසිදායක අවස්ථාවක් මින් පෙර නොවීය. ලක්‍ෂ්මන් කදිරගාමර් ජීවත්ව හිටියා නම් සංගක්කාරට සුබ පතනවා නියතය. සංගක්කාර හමුදාව අගයමින් කළ කතාවේ වැදගත්කම මා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට පෙන්වා දුන් විට ඔහුද එය පිළිගත්තේය.’
(24-01-2017, ‘දි අයිලන්ඞ්’)

ඇත්තටම සංගක්කාරගේ දේශනයෙන් මහින්දගේ ආණ්ඩුව හතරගාතෙන් ඇදවැටිණි. ඒ වෙලාවේ විපක්‍ෂයවත් මහින්දගේ ආණ්ඩුව විවේචනය කිරීමට බය කාලයේ සංගක්කාර බය නැතිව තමාට අදාළ ක්‍ෂේත්‍රයේ මහින්දගේ ආණ්ඩුවේ වැරැදි පෙන්වූයේය. ලංකාවේ ක්‍රිකට් රසිකයන් සංගාට පක්‍ෂ, පාට, ජාති භේදයකින් තොරව ආදරය කළ අතර, ඔහුගේ කතාව ඔවුහු පිළිගත්හ. යුද ජයග්‍රහණය නිසා මහින්දගේ ආණ්ඩුවට අන්ධව ප්‍රේම කළ අය ආණ්ඩුව ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තේ සංගාගේ මේ දේශනයට පසුවය.
සංගා ගහපු ගලෙන් මහින්දගේ ආණ්ඩුවේ පළමු ඉරි තැලීම ආරම්භ විය. 2015 මෛත්‍රිපාලට ඡන්දය පාවිච්චි කරන්න අලුත් සහ තරුණ ඡන්දදායකයන් තීරණය කළේ සංගා කළ කතාව ඔළුවේ තියාගෙනය. මෛත්‍රි ජනාධිපති වී සංගාට බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ධුරය බාර ගන්න යැයි ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළේය. එම තීරණය ගැන තමා පුදුමයට පත්වන බව කී සංගක්කාර එහෙත් තමා එවැනි තනතුරු බාර ගැනීමට සූදානමක් නැතැයි කීවේය. මෛත්‍රිපාල මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදී සංගක්කාර එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා මෛත්‍රිපාලට ලැජ්ජාවක් ආවත් සංගක්කාර ඒ ගැන මුනිවත රැක්කේ ඔහු දේශපාලනඥයන් පසුපස නොයන නිසාය.
මේ අතර, 2019දී යළි සංගක්කාරගේ නම කරළියට ආවේ එවකට නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස ‘සදා ලෝක පූජිත සංගක්කාර ගම’ යන නමින් සංගක්කාර වෙනුවෙන් ‘ගම්උදාව’ යෝජනා ක්‍රමය යටතේ ගම්මානයක් විවෘත කිරීම නිසාය. සජිත් මෙලෙස ලංකාවේ කීර්තිමත් චරිතවලට ගෞරව කිරීම පිණිස ඔවුන්ගේ නම්වලින් ගම්මාන විවෘත කොට තිබිණි. සංගක්කාරගේ නමින් ඉදිකිරීමට යෝජිත ගම්මානයේ මුල්ගල තැබීමේ උත්සවයට සංගක්කාර හම්බන්තොටට පැමිණියේය. මෙය මෙරට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රකට පුවතක් විය. සජිත් සහ සංගා එකට හිටගැනීම රාජපක්‍ෂවාදීන් ඉවසුවේ නැත. අනෙක සංගක්කාර ගියේ රාජපක්‍ෂ බළකොටුව වූ හම්බන්තොටටය. ගියේත් රාජපක්‍ෂවරුන්ගේ හතුරා වූ සජිත් සමඟය. ඇත්තෙන්ම යමකුට ගෞරව කිරීමට ඔහුගේ හෝ ඇයගේ නමින් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේදී හෝ මුල්ගල තැබීමේදී ඔහු හෝ ඇය එම උත්සවයට සහභාගි වීම සම්ප්‍රදායකි. සජිත් ඉන්දීය අගමැතිවරයාගේ නමින්ද ගම්මානයක් විවෘත කළ අතර, එයට මෝදි වෙනුවෙන් සහභාගි වූයේ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාය. එම නිසා එහි දේශපාලනයක් සංගක්කාර නොදකින්න ඇත. එහෙත් රාජපක්‍ෂවාදී මාධ්‍ය සංගා එයට සහභාගි වීම රිස්සුවේ නැත. රාජපක්‍ෂවාදීන්ද එය රිස්සුවේ නැත. ඔවුන් සංගාට වටකොට සමාජ මාධ්‍ය තුළින් පහර ගැසීය. සජිත්ගේ ගම්මානයේ නම උපහාසයට ලක්කරනු ලැබීය. මෙතැන් සිට රාජපක්‍ෂවාදීන් සංගාගේ නම ඇහෙන විට බය විය.
2019 ජනාධිපතිවරණය ළඟ එන විට යළි සංගාගේ නම උඩට ආවේය. ජනතා විමුක්ති පෙරමුණ සංගාව පොදු අපේක්‍ෂකයා ලෙස යෝජනා කරන්න යන බවත්, සංගා රාජිත සමඟද සාකච්ඡා කර ඇති බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. මේ කතා ප්‍රචාරය කළේත් රාජපක්‍ෂවාදී මාධ්‍යමය. සංගා පොදු අපේක්‍ෂකයා නොවන බව ඔවුහු දැන සිටියහ. ඒත් ඔවුන් බය වුණේ සංගා පොදු අපේක්‍ෂකයෙක්ට සහාය දෙන්න ඉදිරිපත් වේය කියන බයටය. සජිත් අපේක්‍ෂකයා වුවහොත් සංගා වේදිකාවට නගීය කියන බයත් ඔවුන්ට තිබිණි. සංගා පොදු අපේක්‍ෂකයා වෙන බව ඔවුන් විසින්ම ප්‍රචාරය කොට තමන් දේශපාලනයට නොඑන බව ඔවුන් සංගාගේ කටින්ම ගත්තේ සංගාව බය කරලාය. සංගා තමන්ට එරෙහි වේදිකාවකට නැග්ගොත් තරුණ සහ අලුත් ඡන්ද නැති වේ යැයි ඔවුන් බය විය.
අනෙක සංගා 2011 ලෝඞ්ස්හී කළ දේශනයේ සඳහන් වූ ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත් වීම් සිදු වීම නතර කරන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ අන්තිම මාස කිහිපයේ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පනතක් ගෙන ආවේය. දැන් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන ඇඟිලි ගැහීම් කරන්න කාටවත් බැරිය. රාජපක්‍ෂවාදීන් ඒකට කලබල වෙලාද දන්නේ නැත.
‘කොහොම වුණත් 2011 සිද්ධ වුණාය කියන ලෝක කුසලාන පාවා දීමක් අල්ලාගෙන අද සංගාව විමර්ශන ඒකකවල රස්තියාදු කරවන්නේ ඒ බයටද..?’
කියන්න දන්නේ නැත. හැබැයි මේ ලෝක කුසලානය වික්ක කතාව 2011ට පසු අද මතක් කරන්නේ එදා සංගාගේ ලෝඞ්ස් දේශනයට එරෙහිව අවි අමෝරා ගත් ක්‍රීඩා ඇමැති අලුත්ගමගේය. එම කතාවට එරෙහිව සංගාට විනය පරීක්‍ෂණ තියන්න ගියේත් ඔහුය. ඒ නිසා මේ ලෝක කුසලානය වික්ක කතාව සංගාව පමණක් නොව සංගාගේ සටන් සගයා මහේල ජයවර්ධනවත් බය කරලා, කොටු කරලා, කට වහලා තියාගන්න ගහන ගේමක්ද කියන්න දන්නේ නැත. මොකද එදා රාජපක්‍ෂගේ ආණ්ඩුව සංගාගේ කොළඹ ආපන ශාලාවටත් බය විය. එහි නම ‘ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස්’ය. එම ආපන ශාලාවට ‘මිනිස්ට්‍රි’ යන වචනය යොදන්න බැහැ කියා කැබිනට් මණ්ඩලයේ ලොකු කතාබහක්ද ගියේය.
විපක්‍ෂය චෝදනා කරන්නේ සංගා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වීමට සුදුසුකම් සපුරා ඇති නිසා ඔහු සභාපති වී ලංකාවේ ක්‍රිකට් දූෂණයෙන් සහ දේශපාලනයෙන් බේරා ගනීය කියා ආණ්ඩුව බිය වී ඇති බවය. සංගා සහභාගි වෙනවාට බය ජාත්‍යන්තර බුකීකාරයෝ ලංකාවේ සංගා විනාශ කරන්න සල්ලි වීසි කරන බවටද චෝදනාවක් තිබේ. එහෙම බලන කොට අහන්න තියෙන්නේ ‘සංගාට බයද මල්ලියේ’ කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වරාය හදන්නේ නැතිව දොඹකර ගෙනාවේ කවුද? ගෝඨා කමිටුවක් පත්කරයි: දින 45ක් ඇතුළත වාර්තාව ඉල්ලයි

Next Post

ගෝඨා හින්දා ගුටි කන සියනෑවේ වියතා

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.