රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (19දා) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ දින 18 ක කාලයක් ප්‍රකාශ ලබා දුන්නේය.
ශානි අබේසේකරට කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් ඔහුගෙන් පාස්කු කොමිසමට සාක්ෂි ලබාගැනීම ප්‍රමාද විය.








