• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වී ගන්න චක්‍රලේඛය ගහයි! කිලෝ එක 100යි!

February 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් යාපනේ ගිහින් කුඹුරකට බහී! වී කිලෝවකට 100ක් දෙන්නම් කියයි! PHOTO
Share on WhatsAppShare on Facebook

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

2022/2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි.
2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගනු ඇත.
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ තොග භාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරේ.
මිලදී ගන්නා වී තොග කඩිනමින් සහල් කර 2023 මාර්තු සහ අප්‍රේල් මාස තුළදී බෙදා හැරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා වී කොටා අවසන් කළ හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්/ සමූපකාර සමිතිවල වී කෙටීමේ ධාරිතාව සලකා බලා වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එම වී මෝල් හිමියන් හා සමූපකාර සමිතිවලට ලබාදිය යුතුය.
වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය අක්කර 01 දක්වා කිලෝ ග්‍රෑම් 2,000ක් ද, අක්කර 1-2 දක්වා වී කිලෝ ග්‍රෑම් 4,000ක් ලෙස ද අක්කර 2ට වැඩි වී කිලෝ ග්‍රෑම් 5,000ක් ලෙස ද දක්වා ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක කරන රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා වන අරමුදල් අවශ්‍යතාවය දිස්ත්‍රික් ලේකම්වරු විසින් මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය. ඒ අනුව සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරු වෙත භාණ්ඩාගාර අරමුදල් වෙන් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවටත්, අක්මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දෙනු ඇත.

ඒ අනුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත සෘජුවම අයවැය ප්‍රතිපාදන ලබාදෙනු ඇති අතර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වී මිලදී ගැනීම සඳහා අක්මුදල් නිදහස් කරනු ඇත.
වී මිලදී ගැනිමේ වැඩසටහන සඳහා වන අරමුදල්, අවශ්‍යතාවය පරිදි මහා භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කිරීම සිදු කරනු ලැබේ.
තම දිස්‍ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් වී මිලදි ගන්නා බවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වගබලාගත යුතු අතර අදාළ ගොවියා නමින් නිකුත් කරනු ලබන ගෙවීමේ සහතිකපත්‍රය ලංකා බැංකුව. මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ශාඛාවට ඉදිරිපත් කළ විට අදාළ බැංකුව විසින් එම ගොවියාගේ බැංකු ගිණුමට නියමිත මුදල වහාම බැර කරනු ලැබේ.
මහ කන්නයේ දී මිලදී ගනු ලබන වී තොග සහල් කර හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි එක් පවුලකට මාසයකට කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට නියමිත අතර ඊට අදාළ උපදෙස් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ඇත.
වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් ගතයුතු පියවර පිළිබඳව ද උපදෙස් නිකුත් කර තිබෙන අතර ගබඩාවල පවතින වී සහ සහල් තොග ආරක්ෂාව සඳහා අවශ්‍යතාවය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා ගැනීම, වී මිලදී ගැනීමේ දී වන මෙහෙයුම් වියදම් අදාළ මුදල් රොගුලාසි, චක්‍රලේඛ සහ අනෙකුත් රජයේ අනුමැතින්ට යටත්ව සිදු කිරීම, එක් එක් දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකු පත් කිරීම ඊට ඇතුළත්ය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රමුඛතාවයක් සේ සලකා රජයේ වියදම් අවම වන පරිදි අස්වනු නෙළන කාලය තුළ සමස්ත රාජ්‍ය සේවය කැපවීමෙන් ආදර්ශමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-14

SendShareShare
Previous Post

නීතිය කඩා වැටිච්ච රටක්! කළු රටක්! අපරාධකාරයන් පාලනය කරන රටක්! ලෝකය අපිව පිළිගන්නේ නෑ! එහෙම රටකට සුද්දො එයිද? එන්නෙ නෑ! ඔන්න අපේ අය රට ගෙනාපු තැන! VIDEO

Next Post

ඉන්දියාවෙන් බිත්තර ගේන්න කැබිනට් එක තීන්දු කරයි! හැබැයි කුරුළු උණ නිසා ගිය පාර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණෙ නෑ!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.