අතීතයේ විසූ අශෝක අධිරාජයා වැනි අසිපත සුරත දැරූ කිරුළුපලන් රජවරුන්ටත්, විජිගීශාවෙන් පෙළුණූ ජූලියස් සීසර් වැනි රණකාමීන්ටත් නුදුරු අතීතයේ වුසූ හිට්ලර් වැනි අත්තුක්කංශනකාමී (තමා උසස් යැයි සිතා කටයුතු කිරීම) රුධිර පිපාසිත ඒකාධිපතියන්ටත් වර්තමානයේ විසූ ප්‍රභාකරන් වැනි සහරාන් වැනි මානසික විකෘතියෙන් පෙළුණු උන්මත්තකයින්ටත් තම මතයට නතු කර ගත නුහුණු මානව වංශික සෑම ප්‍රාණියකුටම අත්කර දුන්නේ මරණයය.කඩුව දුන්න හෙල්ල තෝමරය අංකුසය අතට ගත් ඈත අතීතයේ සිට රයිෆලය, මැෂික් තුවක්කුව, ටී පනස් හය මල්ටි බැරලය වැනි නවීන බර අවි අතැති යුගයේ හෝ ඔවුනගේ ඒකායන ජයග්‍රහණය සාධනය කරගැනීමට නොහැකිව ඝාතනය පෙරටුගාමිත්වයට පත් කෙරුණේ සිය මතය ඉදිරියේ දණ නම්මා ගත නොහැකි වූවන් එමට සිටිය, එමෙන් සිටින, බැවිනි.
එහෙත් සන්නාහ සන්නද්ධත්වයෙන් සියලු දෙනාම දණ ගැස්සීමට නොහැකිවුවත් අවම වශයෙන් දැත් බැඳ කරටිය කඩා වැටුණු රුක් මුදුන් සේ ඔළුගෙඩි බිමට නමා මොහාතකට හෝ නිහඬ කළ හැකි යෝධ සිරුරු නැතත් යෝධ ශත්තියක් ඇති කණ්ඩායමක් මේ රටේ සිටිත්. ඔවුනට ඇත්තේ අන්න අර කී අන්දමේ අවිආයුධ නොවේ. කසාවතක් පමණි. කසාවත්ධාරී මේ කණ්ඩායමට මහජනතාව දණ්ඩනමස්කාරකරණයට ඇත්තේද මහා බලසම්පන්න වචන දෙකක් පමණකි.
“නමස් කාරය කියන්ඩ” යනුවෙන් වැහැරීම ඇසූ දුටුවන් දමනය කිරීම සඳහා ඒ වචන දෙකේ ශක්තිය හොඳටම ප්‍රමාණවත්ය. වචනවල ශක්තිය බලය එසේය.
ඉතිහාස ගතවීමට ඉතිහාස ගත වීරයෙකු වීමට යෝධ කර්මාන්ත කිරීමේ මහා සංග්‍රාමවල යෙදීමේ මහා වික්‍රම කිරීමේ අවශ්‍යතා නැති බව ඉතිහාසය පසක් (ප්‍රත්‍යක්‍ෂ) කර තිබේ. ඒ සඳහා වචන දෙකක් හොඳටෝම ප්‍රමාණවත්ය.
“මැරෙන හැටි පෙන්වන්නම්” යැයි කී ඒ පොඩි දරුවා ජාතික වීරයකු වූවා පමණක් නොවේ. අදත් හෙටත් ඇසූ දුටුවන් ගේ හදවත් අභිමානයෙන් සසල කර සන්තෘෂ්ඨියේ කඳුළින් දෙනෙත් නහවන්නකු වී ඇත්තේය.
ඒ වචනවල ශක්තියේ සහ බලයෙනි. කටේ හපන්කමෙනි.
ඔන්න ඔය කියන අන්දමේ කටේ හපන්කමින් එක දවසකින්ම මේ රටේ ජනී ජනයාගේ චිත්ත සන්තානයන් කම්පනය කළ සසල කළ මානව වංශිකයන් කීප දෙනකු ගැනම මාධ්‍ය මගින් පසුගිය කාලයේ කතාබහට ලක් විය.
එසේ කතා කළේ යුවතියක් කීප දෙනකු ගැන මිස පුරුෂ පක්‍ෂය ගැන නොවේ.
‘මේ රටේ මහජනයා ඔවුන් දෙස බලා සිටියේ “අනේ මේ අපේ එවුන් නේද? මේ කතා කරන්නේ අපි ගැන නේද?” යන ගෞරව බහුමානයෙන් යුතුවය.
ඈත අතීතයේ සිටම රටේ අවශ්‍යතා උදෙසා දියදම් දිනිතිය විසින් එබඳු කාන්තාවෝ අපට තිළිණ කරනු ලැබූහ. ඒ මේ රටේ සහ මහජනතාවගේ කතපුඤ්ඤතාවයටය. විහාර මහ දේවි, සෝමා දේවි එවැන්නියෝය.
කවර කලෙක කවර පළාතක කවර පංතියක කවර ස්ත්‍රී පුරුෂයකුට දාව උපන්නත් ක්‍රියාකලාපය මහජන “බහුජන හිතාය බහුජන සුඛාය” නම් ඔවුහුද අන්න අර විහාර මහ දේවි ලෑ, සෝමා දේවි ලෑ, පරපුරට අයත් වුවෝ වෙති. නැතහොක් ඔවුන්ගේ ලේ නෑකම් ඇත්තෝය. ඔන්න ඔය අන්දමේ කාන්තාවන් අතරින් වර්තමානයේ පළමු වෙඩි මුරය අසන්නට ලැබුණේ. ගම්පහ පැත්තෙනි. ඒ අචින්ත්‍ය බල ඇති අනන්ත දළ ඇති දේශපාලනඥයකු හා හැපුණේ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකය. ඇය කට ගසා ගෙන ගියේ තම බඩ ගෝස්තරය රැක ගැනීමට නොව මහජන අයිතීන් රැකදීම සඳහාය.
“ඔක්සිජන් කන්ඩ”දැයි එතැනදී ඇසුවේ මොළේ තැල්ම වළක්වා ගැනීම උදෙසා ලෑලි පුටුවල අසුන් නොගත යුතු බවට නිර්දේශිත පංතියේ අයෙකි. එවැනි නිලධාරිනියන් ආරක්‍ෂා කළ යුතු වූ උසස් නිලධාරීන් ඒ වෙනුවට පැවසුවේ “දේවානි ගණනට වැඩියි අයිති නැතිදේට ඇඟිලි ගහනවා” යන්නය. කලපුවේ ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ සිද්ධියේදී පමණක් නොව ඊට පෙර මීතිරිගල රක්‍ෂිතය රැක ගැනීමටද ඇය එසේ ගැටුණාය.
ඇය නොගියේනම් පණු කරඳ ගහ පිහිටි ප්‍රදේශයේ පරිසරයද නැත්තටම නැතිවෙන්නට තිබිණි.
දේවානි ජයතිලකගේ අලුත්ම ගැටුම ධීවරයන් හය දහසකට (6,000) පමණ සෙත සැලසෙන මීගමුව කලපුවේ රොන් මඩ ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. වසර දෙකකට පමණ පෙර ආරම්භ කෙරුණු ව්‍යාපෘතියට වනසංරක්‍ෂණ නිර්දේශ නොලැබීමෙන් රුපියල් කෝටි හැටක් (60,00,00,000) අපතේ යන බව කියමින් ඇය දේශපාලනඥයන් හා ගැටුණාය.
සිංහරාජ කැලේ වනසන බව උදේ සවස දුටුවත්, දුටු බවක් නුදුටු මිනිසුන්ගේ ඔළුවට ටොකු ඇන ඇන රටටම කියා දුන් අනිත් යුවතිය භාග්‍යා අබේරත්නය.
“අපි බස් එකේ යද්දි ගස් කපනවා පේනවා. මිනිස්සු දැක්කෙ නැතුව වාගේ ඉන්නවා. ධනයයි බලයයි තියෙනවා නම් මේ රටේ වැඩකාරයෙකු වෙනව කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. මට ගෙදරින් ඉඩ දෙනව නම් මේ විනාශය නවත්වන්න මම පාරට බහින්න ලෑස්තියි. “හඬක් නැති මිනිසුන් (නිර්වින්ඳිතයන්) සහ අසරණ වූවන් වෙනුවෙන් නැගූ හඬ :ඩදසජැ දෙර එයැ ඩදසජැකැි චැදචකැ* භාග්‍යා අබේරත්නගේම නොවේ. ඇගේ විභව ශක්තියයි. පසු ගිය දිනවල රටේ තවත් මහත් ආන්fදා්ලනාත්මක චරිතයක් වූයේ බිම්ශානි ජාසිං අරච්චිය. ඇගේ නම රටේ වැඩි දෙනා අතර දින දෙක තුනකින්ම පැතිරී ගියේය. හේතුව ඇය නියෝජ්‍ය පොලිස්පතිනිය වශයෙන් පත්වීමය. බිම්ශානි ජාසිංආරච්චි ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වුවාය.
මේ වන විට ඒ පත්වීම අභියෝගයට ලක්කර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිස් දෙදෙනෙකු (32) විසින් අධිකරණයේ පෙත්සමද ගොනුකරනු ලැබ තිබෙන බවත් මැයි දහඅට (18) වැනි දින කැඳවෙන බවත් මාධ්‍යවලින් පැවසේ. එසැණින්ම ඇයට රටේ වැඩිදෙනකුගෙන්ම ආශිංසන සුබ පැතුම් ලැබෙන්නට විය. එසේම ඇතැමකුගෙන් ගල් මුල්ද එල්ල විණි. මේ වන විට ඒ පත්වීම අභියෝගයට ලක්කර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිස් දෙදෙනෙකු (32) විසින් අධිකරණයේ පෙත්සමද ගොනුකරනු ලැබ තිබෙන බවත් මැයි දහ අට (18) වැනි දින කැඳවෙන බවත් මාධ්‍යවලින් පැවසේ. ගමේ බල්ලෙකු කොළඹ ගිය කතාවක් ජන වහරේ ඇත.
ඌ කොළඹ ගොස් එන්නට සූදානම් වූ කල්හි “හා හා යන්න එපා කොළඹ යන එක බොහෝම භයානකයි. මිනිස්සුන් ගෙන් සිද්ධ වෙන අතුරු ආන්ත්‍රා එමටයි” යැයි උගේ සනුහරේ ඇත්තෝ කීහ.
“නෑ නෑ මං යනව” කී ඌ පිටත්ව ගොස් සති කීපයකින් ආපසු ආවේය.
“උඹ බේරිලා ආවද? මිනිස්සුන්ගෙන් කරදරයක් වුණේ නැද්ද?” අනිත් බල්ලෝ වට වී ඇසූහ.
“නෑ බං, මිනිස්සුන්ගෙන් කරදරයක් වුණේ නෑ බං. ඒත් ඔය අපේ එවුන් දෙතුන් දෙනකු නම් බිරුව” යැයි කීවේය. මේ සියලුම අටුවා ටීකා ටිප්පණි චූර්ණිකා ඉදිරිපත් කළේ වර්තමාන සමාජයේ කැපීපෙනෙන චරිතාංග වශයෙන් ඉස්මතුවූ කාන්තා පක්‍ෂය ගැනය. එහෙත් දැන් රටේ තරුණයන් යන කොටසක්, තරුණයන් යැයි කීවාට අසාධාරණයට එරෙහිව සාධාරණත්වය උදෙසා කතා කරන “එඩිතර” යැයි කියන පිරිසක් ඇත්තටම නැත්ද යන හැඟීමක් මේ වනවිට ජනගත වෙමින් ඇත. පෙර දිනවලදී විශ්ව විදා්‍යාල සිසුන් පැල් බැඳගෙන උද්ඝෝෂණය කළහ.
මගුල් ගෙදරකදී සංග්‍රහයට පෙර වතුර ඇල්ලීමේ චාරිත්‍රය සේම පොලිසියේ සංග්‍රහයට (කුලු පොලු) පෙරාතුව මදි නොකියන්නම වතුර අල්ලන චාරිත්‍රය මැද්දේ ධාවනය කරන මෙන්ම වඩින පිරිස්ද එදා නොඅඩුව උන්හ.
මතක ඇති අන්දමට පොල්ගහවෙල උහුමීයේ උපන් වීරසූරිය නමසිය හැත්තෑ හතේදී (977) පේරාදෙණිය සරසවි බිමේ උද්ඝෝෂණයකදී වෙඩිකා මළේය.
විශ්ව විදා්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ තිරිමාවිතාන හිසට පොල් පරාල ඇන කා ගෙන මිය පරලොව ගියේය. ඊට වසර කීපයකට පෙර දඹරාවේ හාමුදුරුවෝ කොල්ලුපිටියේ පැවති පෙලපාලියකදී වෙඩි කා අපවත් වූහ. (වර්තමාන තරුණ පරපුරට එ සේ වෙඩිකා මැරෙන්නට අපි නොකියමු) එහෙත් එසේ ජවය තිබූණු පුරුෂ පක්‍ෂය අද පෙනෙන්නට නැත්තේ මන්දැයි විමසිය යුතුව ඇත. මේ වන විට පැවසෙන සංඛ්‍යාලේඛන මත අනුව එක පිරිමියකුට කාන්තා ඝණනත්වය සත් (7) දෙනකු බව මතයකි. රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල සංයුතිය ගත් කල එය තහවුරු කෙරේ.
පරිපාලන සේවය පවා කාන්තා පක්‍ෂය විසින් නතු කර ගනු ලැබ ඇත. ඒ අන්දමින් පුරුෂ ආධිපත්‍ය ශූන්‍යත්වයට පත්වෙමින් තිබේද?
එසේ නැතුව තමතමන්ගේ ආත්මාරක්‍ෂාව පිණිස “කමිං කලර් ඊස් නෝ ගුඩ්” – එන පාට හොඳ නෑ – යන සේ සිතා කටයුතු කරනවාදැයි නොදනිමු. මාවිල් ආරු සිද්ධියේදී මහා සංඝරත්නය ප්‍රමුඛව කොටි සංවිධානයට එරෙහි වන්නට යාපනයට යන්නට ගිය පිරිස කෝ. එදා බැඳුම්කර වංචාවට එරෙහි වූවන් කෝ.
ඒ කාර්ය භාරය පවරා හෝ පවරාදී හෝ ඇත්තේ විරුද්ධ ලිංගිකයන්ටද?
තුන් සිංහලේ කොහෙ බැලුවත් හතර කොනේ
තුන් කුදු ගැහුණු තරුණන් හැම තැනම වැනේ
ගින් දර වගේ හිටි උන් සැඟ විණිද? වනේ
පෙම් බර මගේ ලක් මව ඉකි බිඳිණු පෙනේ
චන්ද්‍රසේන මාරසිංහ










