ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල්තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් හෙතෙම මෙම් බව අනාවරණය කොට තිබේ.
එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ඉතා කාරුණිකව වෙත දැනුම් දෙන බවද ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේවෙතත් ආණ්ඩුවේ ඇමැතිවරුන් සදහන් කරන්නේ එම පොල්තෙල් වෙළෙදපොළට නොපැමිණි බවකි.
එම ෆේස්බුක් සටහන පහතින් .











