• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වියට්නාමය ගෝඨාත් එක්ක අලුත් ගමනකට ලෑස්ති වෙයි

March 30, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
වියට්නාමය ගෝඨාත් එක්ක අලුත් ගමනකට ලෑස්ති වෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය (Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය.

අනතුරුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පුද කළ හෝ තී තාන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සමග සබඳතාවනට වියට්නාමය ඉහළම ප්‍රමුඛතාවක් දී ඇතැයි සඳහන් කළාය.

සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය තානාපතිනියගේ පැසසුමට ලක් විය. තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව තානාපතිනිය කීවාය.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් කථා බහ ආරම්භ කළ ජනාධිපතිතුමා තම රජයේ සමාජ, ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිළි කළේය. “ කෘෂි ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ගැමි ජනයාගේ ආදායම නැංවීම අපේ ප්‍රමුඛතා කිහිපයක්. ඒ අරමුණ දිනා ගැනීමට අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒවායේ අවසාන ඉලක්කය අඩු ආදායම්, මැදි ආදායම්, ග්‍රාමීය, නාගරික ආදී සෑම සමාජ ස්ථරයකටම වඩා සතුටුදායක ජිවන තත්ත්වයක් අත්කර දීම. අප සංවර්ධනය දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොවෙයි. ජනතාව සමස්ථයක් ලෙස සලකමින්” ජනාධිපතිතුමා කීය.

වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීනට ප්‍රතිලාභ අත්ව ඇතැයි රාජපක්ෂ මැතිතුමා පැවසීය.  බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවෙකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් එතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නැයි වියට්නාමයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා දෙරට අතර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටත්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම් තානාපතිනිය සහතික වූවාය.

ශ්‍රී ලංකා – වියට්නාම් තානාපති සබඳතා 1970 ජුලි 21 වැනිදා ආරම්භ විය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ත්‍රාන් ත්‍රොං තාන් යන මහත්වරු කථා බහට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කුකුළු මස් මාෆියාවත් වැඩ පටන් ගනී! අවුරුදු කාලෙ මස් කිලෝව 800 පන්නයි!!

Next Post

විමල් යළි සිගරට්ටුව පත්තු කර ගනී (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.