• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ට තියෙන්නේ ගෝත්‍රික අදහස්: බැරි නම් ඉල්ලා අස්වෙන්න: වහාම සමාව ගන්න: පොහොට්ටුවෙන් විමල්ට පහර පිට පහර

February 8, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
විමල්ට තියෙන්නේ ගෝත්‍රික අදහස්: බැරි නම් ඉල්ලා අස්වෙන්න:  වහාම සමාව ගන්න: පොහොට්ටුවෙන් විමල්ට පහර පිට පහර
Share on WhatsAppShare on Facebook

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මැතිතුමා

පසුගිය දිනවල ඇතිවු විවිධ ප්‍රකාශ සහ වාර්තා සහ  අප සමඟ කටයුතු කරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්‍ ජනතාවට කිසියම්  හෝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකීමට අවශ්‍ය යැයි නිසා.  අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිත කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයින්ට විනය මාර්ග ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ විනය පත්වාගෙන යන්න කටයුතු කරා. අපි පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. එය සැමට අදාලයි. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාවට අවශ්‍ය ඒ විනය ගරුක රටට අදාරය කරන පක්ෂය බිහිකිරීම තමයි පක්ෂයට නායකය දුන්  ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මූලික අභිප්‍රාය වුණේ අපිට උපදෙස් දුන්නේ.

ඒ වගේම ශ්‍රි ලංකා පොදුජන පෙරමු පක්ෂය බිහිවන්නේ ඉතා සුවිශේෂි තත්වය මත. මේ රටේ යුද්ධය දිනපු  මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාව ආදරය කරපු නායකයා බොරු චෝදනා කරලා වැරදි විදිහට පරාජය කරලා ජනතාව නොමග යවලා ගෙදර යැව්වට පස්සේ එතුමා වටා එකතු වන ජනතා බලවේග සමඟ විවිධ කණ්ඩායම් විවිධ කාරණා කියනවා ඒත් අපි හැමෝම දන්නවා ඒ බලවේගය ගොඩනැගුණේ කවුරුත් වටා නෙවේ මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් නායකත්වය මත . ඒ නායකත්වය වටා ගොඩනැගුණු මහා ජනබලවේගයේ කූඨාප්‍රාප්තිය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිර්මාණය වන්නේ. අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන තත්වයක් යටතේ අපි එතුමන්ව පරමාදර්ශි නායකයා හැටියට කටයුතු කරමින් තමයි මේ පක්ෂය ගොඩනැගුවේ.

අපි බොහෝම කළගුණ දන්නා පක්ෂයක්. මේ පක්ෂයට නායකත්වය දුන්නේ  මේ පක්ෂයේ ශක්තිය වුණේ හදවත වුණේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතයයි. නමුත් ඊයේ පුවත්පතක විමල් වීරවංශ මහතා  කර ප්‍රකාශයක් මත  අපි පක්ෂයක් හැටියට යුතුකමක් හා වගකීමක් තියෙනවා විමල් විරවංශ මහතා පෙන්නලා දෙන්න එතුමා  ඉන්නේ කොතැනද අපි ඉන්නේ කොතැනද කියලා. විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ දි ඉරිදා ලංකාදීප  ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිතුමා භාර දිය යුතුයි කියලා. මේ එතුමාගේ පක්ෂය නෙවේ. එතුමාට තීරණය ගන්නත් බෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. දේශපාලනයේදි වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනට පත්වෙන්න පක්ෂය ලබාගන්න අපි ගන්න සූදානම් නෑ.

අපේ පක්ෂය අදට් පරමාදර්ශ නායකයා හැටියට සලකන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අපේ සියලු පාක්ෂිකයෝ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත්තේ අපේ නායකයා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවලා එතුමා රට වෙනුවෙන් තෝරාගත්තා. නමුත් අපේ පක්ෂ නායකත්වයට දේශපාලන වාසි සමඟ කුහකව කටයුතු කරන්නේ නෑ. අපි අපිට මනාප ටිකක් ලබා ගන්නවත් පටු දේශපාලනය කරන පක්ෂයක් නොවේ. ප්‍රතිපත්තිවලට අනුව අනාගතයට යහපත් රටක් බිහිකරන්නයි අපේ පක්ෂය සිදු කරන්නේ. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ පක්ෂයේ නායකයා. විමල්වීරවංශ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය පිළිබඳව කතා කරන්න බෑ. නායකත්වය වෙනස් කරන්න කියනන් සදාචාරාත්මක නෑ. පක්ෂයේ හැටියට අසතුටට පත් වෙනවා. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් නිසා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මැතිතුමා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තවත් සහෝදර පක්ෂ සමඟ සැලකිය යුතු ගණනාවක් තිස්සේ දේශපාලනය සහායෝගයෙන් කරන්නේ. අපි  මේ සියලු පක්ෂ සම්බන්ධව සදාරණව සහෝදරාත්මක දේශපාලන හැසිරිමක් අපේ පාර්ශවයෙන් හැම විටම ප්‍රදර්ශනය කරලා තියෙනවා. පළමුවරට එකට යන්නේ ඡන්දයට යන්නේ 2018 පළාත් පාලන ඡන්දෙදි. මේ මැතිවරණයේ පෙර සුදානම්වලදි. නාම යෝජනා මණ්ඩලයේ ජාතික මණ්ඩලයේ අවස්ථාව ලබාදීම ලබා දිලා මැතිවරණත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධුර බෙදා ගන්නත් පළාත් පාලන ආයතනවල උප සභාපති බෙදා ගන්න කාගෙවත් හිතකරකාරිව කටයුතු කරා. පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා මැනවින් කළමණාකරණය කරා.

අනෙකාට ගරු කරන සදාචාරයක් අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ සහෝදර පක්ෂ සමඟ ප්‍රකට කරනවා. මැතිවරණයන් පස්සේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සාධාරණ නොවන අයුක්ති සාගත දේශපාලන කටයුතු ඉදිරිපත් කර විමල් වීරවංශ මැතිතුමා වැරදි සහගත දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නමැති මේ සුවිසල් දේශපාලන ව්‍යපාරයේ  මහ ලේකම් මැතිතුමා පිළිබඳව ඔහු ගෝත්‍රික අදහස් ඉදිරිපකත් කරලා තියෙන්නේ. සාගර කාරියවසම් මැතිතුමා දේශපාලනය තුළ අනාථයෙක් නෙවේ. ඔහු 960 ඉඳලා 977 දක්වා උත්තරීතර ව්‍යවස්ථා දායකයේ නියෝජනය කර ලංකාවේ දේශපාලනයේ නිදහසින් පස්සේ දේශපාලනයේ කීර්තිමත්භාය ඇති කර ඇල්බට් කාරියවසම් මැතිතුමාගේ පුතා සාගර කාරියවසම් මැතිතුමා කියන්නේ. රටේ ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්. මැතිවරණය කරානම් ඔහුගේ කාර්ය අපිට නැති වෙනවා. ඒකයි ජාතික ලැයිස්තුවට ඇතුලත් කරේ. ඒ අපේ අදහසක්.

මේ පුවත්පතට ප්‍රකාශ කරන විමල් වීරවසංශ මැතිතුමා ජනාධිපතිතුමාගේ දේශපාලනය ගැන ඉදිරිපත් කරනවා. සිවිල් යුද්ධය කළමණාකරණය කර කෙනෙක්. 2/3 ආණ්ඩුවක් හදලා සිටින කණ්ඩායමක් කියනවානම් ඒක තනි පුද්ගලයෙක් හෝ සීමිත කණ්ඩායමක් කියනවානම් අහිංසක මහජනයාට කරන නින්දාවක්. මේ රට වෙනුවෙන් ජාතික අභිලාෂය ආණ්ඩුව රූස්ස ගසක්ය. දේශපාලනය දිගු විෂය පථයක්. සාමුහික වගකීමෙන් අපිට ඇත් වෙන්න බෑ. තමන් එකඟ නොවනනේ නම් ඉල්ලා අස්වීමයි. ඉතාම අදේශපාලනික ඒ වගේම ප්‍රශස්ථ දේශපාලන හැසිරිමක් අර මන් සඳහන් කර පුවත් පතට කළ ප්‍රකාශයේ දුටුවා. ඒ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලා අස්කර ගත යුතුමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධව යම් යම් මත අපේ වෙනත් කඳවුර කෙනෙක් ප්‍රකාශ කිරීම. අපේ අතර අභ්‍යන්තර ගැටලු මතභේද ආරම්භයේ සිට ඇති වුවා නොවේ. හැබැයි ඒ සියල්ල කළමණාකරණය කරන්න අපේ පක්ෂයේ පරමාදර්ශ නයකයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පක්ෂ නායකයින් සතිපතා රැස් වෙනවා. පාර්ලිමේන්තුවේ බලය ලබා ගත්තාට පස්සේ  අති ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීමක් පත්වෙනවා. අපේ පක්ෂ නායක රැස්වීමේ දි පක්ෂ අතර තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවානම් සාකච්ඡා කර සදාචාරාත්මක අයිතියක් තියෙනවා.

එවැනි වටපිටාවක් තුළ රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ජනාධිපතිතුමා අත්දැකීම්  නොමැති පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කිරීම අපිට අනුමත කරන්න බෑ. ඒ වගේම නිර්මෘතුතමා වන බැසිල් රාපක්ෂ මැතිතුමා මේ පක්ෂය නිර්මාණය කරේ ඉහළ සිට පහළට නෙවේ. ග්‍රාමිය ජනපදනම පදනම් කරගෙන. ග්‍රාමීය නියෝජනත්වයෙන්. පස්වන විධායක ජනාධිපතිතුමා අතිගරු මහින්ද රාපක්ෂ මැතිතුමාගේ නායකත්වය මේ පක්ෂයෙන් ඉවත් කීරීමට විමල් වීරවංශ මැතිතුමාට ඇති හැකියාව කුමක්ද. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය ඉවත් කරන්න කියලා කිසිම කෙනෙක් කියලා නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙතායිම මොහොතක හෝ පක්ෂයේ තනතුරක් අවශ්‍යයැයි ඉල්ලා නෑ. කිසිම කෙනෙක් ඉල්ලා නෑ. අපි ඉතිහාසයේ පුරා මෙවැනි කර පුද්ගලයින්. අපිට මතක් වෙනවා 2015 පරාජයට පෙර මෙවැනි ආකාරයටම රජය තුළ ඉදිමින් ආර්ථික ඝාතකයින් සම්බන්ධව ප්‍රකාශ කරා. එයින් පස්සේ රජය තුළි විවිධ කල් ඇති කරා. එහි ප්‍රතිඵල තමා 2015 පස්සේ ජනතාවට අත්විදින්න වුණේ.

ඒ නිසා තමයි මේ රටේ ජනතාව ආයි පෙල ගැහිලා මේ රටේ සමස්ථ බලය මේ රටේ සංවර්ධන මේ රටේ සදාචාරය ආදි දේවල් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දුන්නේ. අපේ පක්ෂයේ ලකුණ පොහොට්ටුව. මැතිවරණය සඳහා සියලු බලවේග එකරාශ කරන කොට සම්මුතියක් ඇති කර ගත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න. ඒ පදනමින් තරඟ කරා. අපි 2/3 ලබා ගත්තා කියලා ආඩම්බරයෙන් කියනවා.

ඒ විතරක් නොවේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශය අපේ දේශපාලන බල කඳවුර හානි තත්වයක තියෙනවා කියලා පෙනවා. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් බිහිවෙලා තියෙන්නනේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශය තුළ. එකට හේතුව තමයි විමල් විරවංශ මැතිතුමා ජනාතාව අතර ක්‍රමානුකූලව අප්‍රසාධයට පත් වෙන බව වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ථ ප්‍රතිඵලය එතුමාට ලබා ගන්න පුළුවන් වුණේ 40% ක් ප්‍රමාණයයි. ඒකයි අම්පාරෙන් සරත් වීරසේකර මැතිතුමාව ගේනන් වුණේ. ගරු විමල් වීරවංශ ඇමතිතුමාට කියන්න තියෙන්නේ ඕනෑම දේශපාලන පක්ෂයක් කතා කරන්න. ඒක ඔබේ අයිතිය. හැබැයි හැට නව ලක්ෂයගේ බලාපොරොත්තු සිඳලන්න දෙන්නේ නෑ. ඒතුමා නිවසේ සාකච්ඡාවක් පැවැත්තුවා. අද මම හෙළ කරනවා දොස්තර මහත්වරු දෙන්නෙක් ඉන්නවා ඒ එක්නෙක් විදේශ වැටුප් ලබන කෙනෙක්. පක්ෂයක් හැයිට අපි කියනවා විමල් වීරවංශ අමාත්‍යතුමාට කියනවා වහාම මේ ප්‍රකාශය නිවැරදි කළයුතුමයි. ගරු අග්‍රාමාත්‍යතුමාව හෝ ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය විවේචනය කරලා එකට කැබිනට් මණ්ඩලයේ ඉන්න සදාචාරාත්මකද කියලා.      

SendShareShare
Previous Post

ඉඩම් ටික බේරගන්න වන්නිල ඇත්තන්ටත් උසාවි යන්න වෙයි

Next Post

“වැඩ කරමු – ජය ලබමු” සජිත්ගෙන් රටටම ආසන සංවිධායකවරු (VIDEO)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.