රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා හට කතාකොට ඇති ඒ මහතා තමන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමට පියවර ගෙන ඇත.
එහිදී තමන් නැවත වතාවක් එජාපය සමග එක්ව කටයුතු කිරීමට පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සමාව ඉල්ලා සිටීමටද සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට එකගතාව පළ කොට තිබේ.
ඒ අනුව අද (30) දිනයේදී අරලියගහ මන්දිරයේදී වසන්ත සේනානායක මහතා අගමැතිවරයා හමුවී සමාව ගැනීමේ සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මුනුපුරකු වන වසන්ත සේනානායක මහතා ඉකුත් සතියේ සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් ලියමින් කියා තිබුණේ ඔහු වටා දැන් සිටින පිරිස හේතුවෙන් සහ වෙනත් කරුණු කිහිපයක් උඩ සජිත්ට සහාය දිය නොහැකි බවකි.
මේ ආකාරයටම ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින පිහිටුවූ නීතිවිරෝධී සහ කුමන්ත්‍රණකාරී ආණ්ඩු සමයේදීද වසන්ත සේනානායක මහතා දින 52ක් තුළ සිවු වතාවක්ම පැති මාරු කිරීමට කටයුතු කර තිබිණ.








