• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාදුරු හැදී මැරි මැරී වැටෙන සියඹලාණ්ඩුවේ රිලවුන් භයානක අනතුරක පෙරනිමිත්තක්ද?

February 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලාදුරු හැදී මැරි මැරී වැටෙන සියඹලාණ්ඩුවේ රිලවුන් භයානක අනතුරක පෙරනිමිත්තක්ද?
Share on WhatsAppShare on Facebook

ලෙඩ රෝග, වසංගත ගැන කතා කරද්දී මේ දවස්වල අපේ හිතට එන්නේ කොවිඩ් 19 විතරයි. ඒ ගැන අපි මේ වෙද්දි ඕනෑවටත් වඩා කතා කරලා තියෙනවා. හැබැයි තවමත් ඒ කතා කළ දේවල් මොනතරම් දුරට සමාජය පිළිඅරගෙන තියෙනවාද කියන එක වෙනම කතාවක්.

මේ අතරේ කොවිඩ් 19න් ආරක්ෂා වෙන්න අපි ගන්න සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හින්දා සමාජයේ සුලබව පැතිර තිබූ ඇතැම් රෝගාබාධයන් පැතිර යාම වෙනදට වඩා අඩු වෙලා තියෙන බවකුත් දැන ගන්න තියෙනවා. ඒත් එහෙමයි කියලා වෙනත් වසංගතයකට මේ මහ පොළොවේ පැතිරෙන්න ඉඩ කඩ නැතිව නෙවෙයි.

ඒකට හොඳම උදාහරණයක් පසුගිය සතියේදී මොණරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ සිද්ධියේ තවත් විශේෂත්වයක් තිබුණා. එම භයානක වසංගතයට ගොදුරු වෙලා තිබුණේ මිනිස්සු නෙවෙයි. සත්තු. ජනාවාස ආශ්‍රිතව ජීවත් වෙන රිලවුන් කණ්ඩායමක් තමයි මේ වසංගතයට ගොදුරු වෙලා තිබුණේ.

මේ ගැන මුලින්ම දැකපු ප්‍රදේශයේ කාන්තාවක් ඒ සිද්ධිය විස්තර කළේ මෙන්න මෙහෙමයි.

“එක රිලවෙක් ඇවිද ගන්න බැරිව හරිම අමාරුවෙන් ඉන්නවා මම දැක්කා. උගේ එක අතක තිබුණේ භාගයක් විතරයි. අනෙක් අතත් දියවෙලා වගේ තිබුණේ. මම හිතුවේ බල්ලෝ කාලා හරි වෙන සතෙක් කාලා හරි කියලා. ඒත් බලද්දි තවත් රිලවු කිහිප දෙනෙකුගේම ඒ විදියට හම දියවෙලා තිබුණා. ඒ හින්දයි අපි මේ ගැන වනජීවී නිලධාරින්ට කිව්වේ.” වහාම ඒ සඳහා මැදිහත් වුණු වනජීවී නිලධාරීන් ඒ ආකාරයෙන් විකෘතිතාවයට පත් වූ එක් රිලවෙකු සෞඛ්‍ය අංශ වෙත යොමු කර තිබෙනවා. එහිදී හෙළි වුණු කාරණය ඉතාම බරපතළයි. ඒ රිලවුන් භයානක ලාදුරු වසංගතයට ගොදුරු වී ඇති බව තමයි එහිදී සෞඛ්‍ය නිලධාරීන් හෙළි කර ගෙන තියෙන්නේ.

ලාදුරු කියන්නේ මීට වසර කිහිපයකට කලින් අපේ රටේ මිනිස්සු නම ඇහුවත් බය වුණු රෝගයක්. ඒත් වර්තමානයේදී ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලාදුරු වසංගතය අපේ රටෙන් සහමුලින්ම තුරන් කරලා කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතිරි වෙලා ඉන්න රෝගීන් කිහිප දෙනාත් මඩකලපුවේ දූපතක පිහිටා ඇති ලාදුරු රෝහලේ ප්‍රතිකාර ලබනවා කියන එකත් මිනිස්සු දන්නවා.

ඒත් සෞඛ්‍ය අංශ කියන විදියට නම් ලාදුරු සම්බන්ධයෙන් අපේ රටේ තියෙන්නේ ඒ තරම් ලස්සන කතාවක් නෙවෙයි. මොකද ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම සෑම අවුරුද්දකම 2000කට ආසන්න ලාදුරු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලයි සෞඛ්‍ය අංශ කියන්නේ. ඒක අපි හිතා ගෙන ඉන්නවට වැඩිය බරපතළ තත්ත්වයක්.

ඒ අතරේ රිලවුන්ටත් මේ වෛරසය පැතිරිලා යෑම ඉතාම භයානක කාරණාවක්. මොකද කොවිඩ් 19 වගේම ලාදුරු රෝගය පැතිරෙන්නෙත් බිඳිති මඟින්. කොවිඩ් 19 වෛරසයත් චීනයේ පැතිරුණේ සතුන් මඟින් කියලත් බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ වගේ පසුබිමක රිලවුන්ට ලාදුරු වැළඳුනු එක සුළුවෙන් තකන්න බැහැ.

මේකෙ භයානක කම වැඩි වෙන්න තවත් හේතු ගණනාවක් තියෙනවා. රිලා සහ වඳුරු ගහණය වැඩි වීම කාලයක පටන්ම බරපතළ සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. බොහෝ ප්‍රදේශවල රිලවුන් ජීවත් වෙන්නේ ගෘහාශ්‍රිතව. ඉතිං ඒ වගේ සත්ව කොට්ඨාෂයකට බිඳිති මඟින් බෝ වන රෝගයක් වැළඳෙන එක කොයි තරම් භයානකද කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නැහැ.

හැබැයි තව දෙයක් මේ රිලවුන්ට වැළඳිලා තියෙන්නේ මිනිසුන්ට වැළඳෙන ලාදුරු රෝගයමද කියන එක තවමත් හරියට හොයා ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මේ වෙද්දි පරීක්ෂණ කරගෙන යනවා. හැබැයි රිලවු සහ මිනිස්සු අතර පවතින විද්‍යාත්මක සමීප බවත් මෙහිදී අමතක කරන්න බැහැ.

මේ අතරේ තව දෙයක්. සාමාන්‍යයෙන් සතුන් කියන්නේ මිනිසුන්ට වඩා සංවේදී විශේෂයක්. ගොඩක් සත්තුන්ට ඉව තියෙනවා කියලයි අපි අහලා තියෙන්නේ. සුනාමි ව්‍යවසනය වෙලාවේ කිසිම සතෙක් අනතුරට පත් නොවුණේ අන්න ඒ ඉව හින්දා කියලයි සත්ව විශේෂඥයෝ පැහැදිලි කළේ. ඒ හින්දා ඇතිමලේ රිලවුන්ගේ සිද්ධිය හරහා මතුවෙන්නේ වෙනත් භයානක ව්‍යවසනයක අනතුරු ඇඟවීමක්ද කියන එකත් දැන් කතා බහට ලක් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ ගැන හරියටම විස්තර කියන්න තවම හොයා ගෙන තියෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ. ඉදිරියේදී හෙළි කර ගන්න තොරතුරු එක්ක අපිට තව කතා කරන්න බොහෝ දේ තියේවි. හැබැයි එතකං එකක් හොඳින් මතකයේ තියා ගන්න. ලාදුරු කියන්නේ තවමත් අපේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කෙරුව රෝගයක් නෙවෙයි. ඒ වගේම ලාදුරු කොවිඩ් 19 වෛරසයටත් වඩා භයානකයි. හැබැයි මුලින්ම හඳුනා ගත්තොත් ලාදුරු නිට්ටාවටම සනීප කරන්න පුළුවන්.

චන්ද්‍රසේන මාරසිංහ – චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තිස්ස විද ගනී

Next Post

බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ: රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.