ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා මාධ්‍ය ක්ෂේත්‍රයටද පිවිසීමට කටයුතු කොට තිබේ.
ඒ, ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී නාළිකාවක් වන NDTV ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීමට පියවර ගැනීම හරහාය.
මේ වනවිට අදානි මහතා එම ආයතනයේ 29.18%ක කොටස් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.
එමෙන්ම තවත් 26%ක කොටස් මිලදී ගැනීමට ඒ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.
ලංකාවේ වරාය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ වූ දැවැන්ත ව්‍යාපෘති දෙකකටද අදානි මහතා ආයෝජනය කොට ඇත.