ලංකාවේ ආණ්ඩුව වෘත්තීය සමිතිවල බලපෑමට යටවී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය වෙත පැවරීමට තීන්දු කර ඇති බව ඉන්දියාවේ පළවන ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
එම පුවත්පත පෙන්වා දෙන්නේ මේ හරහා ඉන්දියාව හා ලංකාව අතර පැවැති ගිවිසුම්ගත එකගතා පවා කඩවී ඇති බවකි.
කෙසේවෙතත් මෙම තත්ත්වය යටතේ ඉන්දියාව හා ලංකාව අතර නව අර්බූදයක් නිර්මාණය වීමේ පසුබිමක් මතුවීම නොවැළැක්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.










