කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන්නා.
අරගලය පැවති සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.










