සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටි රෝහිත රාජපක්ෂ මහතාට අයත් ග්‍රීන් එකෝ ලොජ් හෝටලයට ගිනිතබා විනාශ කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25-50 ක් අතර පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිසිය සදහන් කරන්නේ ඔවුන් එහි තිබූ දේපළද සොරකම් කර ඇති බවයි.
කෙසේවෙතත් හෝටලයට ගිනි තැබූ විගස මාධ්‍ය වාර්තා කොට තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාට එම හෝටලය අයත්ව තිබූ බවකි.
නමුත් වහාම යෝෂිත රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ එම හෝටලය තමන්ට අයත් එකක් නොවන බවකි.
නමුත් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී පසුව අනාවරණය වී තිබුණේ එම හෝටලය යෝෂිතගේ සොයුරු රෝහිත රාජපක්ෂ මහතාට අයත් එකක් බවකි.