• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රවි ඇතුළට දැම්මේ පළාත් සභා ළග නිසාද? ජොනී දීපු උත්තරේ මෙන්න

March 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රවි ඇතුළට දැම්මේ පළාත් සභා ළග නිසාද? ජොනී දීපු උත්තරේ මෙන්න
Share on WhatsAppShare on Facebook

පළාත් සභා ඡන්දය ළග එන නිසා රවී කරුණානායක මහතා අත්අඩංගුවට නොගත් බවත්, පෞද්ගලික ඉඩමක හෝ ගොඩනැගිල්ලක් හදන්න බැරි ආකාරයේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කෘෂිකර්ම, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සංවර්ධන සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටු පිලිබදව සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණි. එමෙන්ම 2021 වසර තුල ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර ඒවා අනුමත කර ගැනීමද මෙහිදී සිදුකරන ලදි. එලබෙන සිංහල අවුරුද්දට පෙර පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විදුලිය නොමැති පවුල් 603 ක් සදහා විදුලිය ලබා දීමට මෙහිදී තීරණය විය.

Home Shop ව්‍යාපෘතිය සදහා පාට පක්ෂ ජාති භේදයකින් තොරව සුදුසුම පුද්ගලයාව මේ සදහා තෝරා ගැනීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. වනජීවි කලාප තුල ජීවත් වන ඉඩම ඔප්පු නොමැති ගම්වැසියන් හට වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ සහ වන ජීවි අමාත්‍යාංශයේ අධීක්ෂණය මත නිරවුල් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීමට උපදෙස් ලබා දෙන ලදි.

ඉන් පසුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

පසුගිය කාලයේ හදිසියේ දැකපු නැති විරෝධතාවයක් මේ සංවර්ධනය හරහා අපි දකිනවා. පසුගිය අවුරුදු 10දිම අපි දැක්කෙ නැහැ. පාරක් හදන්න ගියාම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වාගේම පාරට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න හැදුවම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. මම දකින්නේ ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න මේ පිටුපස කවුරු හරි ඉන්නවා කියලා. ඒ වගේම අපි දකිනවා තමන්ගෙ පෞද්ගලික ඉඩමකවත් ගොඩනැගිල්ලක් හදන්න බැරි විදියෙ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනව කියලා. ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා මේව ගැන හොයන්න ඕන. කවුද මේ පිටුපස්සෙ ඉන්නෙ කියල හොයන්න ඕන. එන්.ජී.ඕ. වලට එන සල්ලි ගැන බලන්න ඕන. කොහෙන්ද ඒ මුදල් එන්නෙ කාටද ඒ මුදල් යන්නෙ කියලා රජයක් හැටියට මේ ගැන සොයා බැලිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙය සොයා බැලිය යුතුයි කියන තැන ඉදල රජය කටයුතු කරනවා.

පළාත් සභා ඡන්දය ලග එන නිසා රවී කරුණානයක ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දැයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

ඒක සම්පූර්ණ බොරුවක්. අපේ ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. විපක්ෂය කිව්වෙ බැදුම්කර හොරු ඉන්නවා දඩුවම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක නීත්‍යානුකූලව නීතියට ඉඩ දීලා නීති රාමුවේ ඉන්න නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දීල තියෙන්නෙ. මේ කලබලයට ගිහිල්ල දේශපාලඥයො හවුල් නිසා දේශපාලඥයො පිටුපස්සෙ හබා යන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. ඒ නිසා තමා අපි චෝදනාවට ලක් වෙන්නේ. මේක තමයි වෙනස, මේ වෙනස රටේ ජනතාව බලාපොරොත්තු වුණා. රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තා. එතකොට ප්‍රේමදාස මහත්තය කිව්වේ දේශපාලන පලිගැනීම් කියලා. පාර්ලිමේන්තුව ඇතුළෙ ප්‍රේමදාස මහත්තය කිව්වෙ ඔය කිව්වට කව්රුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ගත්තට පස්සෙ කියනවා පළාත් සභා මැතිවරණය ළග නිසා දේශපාලන පළිගැනීම්වලට ගන්නවා කියලා. මේ විපක්ෂයේ හිටපු හොරු ටික දෙබඩි පිලිවෙතක් ගෙනියන්නෙ. පරණ හොරු ටිකමයි ඉන්නෙ. විපක්ෂ නායකයටත් කොමිසමෙන් නඩු දාන්න කියල තියෙන්නෙ. දැන් ඒ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට එවල තියෙන්නෙ. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි රටේ ජනතාව ගොනාවට අන්දවන විපක්ෂයක් අද ඉන්නෙ. ..

දේශපාලන පළිගැනීම් පිළිබද කොමිෂන් සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා. ඒකට විවාදයක් අපි ඉල්ලලා තියෙනවා. විපක්ෂයෙනුත් විවාදයක් ඉල්ලලා තියෙනවා. හේතුව දේශපාලන පලිගැනීමට ලක්වුණ විශාල පිරිසක් හිටියා. ඒව හඩපටවලින් ඔවුන්ගේ කටහඩින්ම ඔප්පු උනා. ඒ දේශපාලන පලිගැනීම් මොනතරම් දුරට ගියාද කියන එක. දේශපාලඥයන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න, මරණීය දණ්ඩනය දෙන්න, බුද්ධි අංශය, මහා සංඝරත්නය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂගෙ දරුවො ටික, රාජ්‍ය නිලධාරීන්, පොලිසියේ නිලදාරීන් වගේම මැති ඇමතිවරු වැනි මොනතරම් පිරිසකට මොවුන් කැගැහුවද. රන්ජන් රාමනායකගෙ හෙළි වුණ හඩපටවලින් හෙළි උනා මේ රටේ විනිශ්චයකාරවරුන්ට එතුමා කතා කළා කියලා. ඒ වගේම සී.අයි.ඩී. අධ්‍යක්ෂකට, FCID අධ්‍යක්ෂකට වැනි නොයෙක් තැන්වලට මේ අය කතා කරලා තියෙනවා. ඔහු කතා කරන්නේ හොරකම් කරපුවා ගැන නෙවෙයි. හිරේට යවන්න, කට වැඩියි, රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්න වැනි කතා කියන්නේ. අපි එයාල ගත්ත තීන්දු දැක්කා. ඒ සමහරක් තීන්දු හඩ පට වලින් එලියට ඇවිල්ලා තියෙනවා අපි දැක්කා. එලියට ආවෙ නැති කොච්චරක් ඇත්ද, මෙමගින් විපක්ෂය කටයුතු කරන ආකාරය අපිට දැකගන්න පුලුවන්. මන්ත්‍රී කෙනෙකුට ටෙලිෆෝන් එකක් අරන්න යන්න විදියක් නැහැ. ටෙලිෆෝන් එකක් අරන් ගිය නිලධාරියෙකුගෙත් වැඩ තහනම් වුණා. පස්සේ තව ටෙලිෆෝන් එකක් අහුවෙලා තියෙනවා ඒ මන්ත්‍රිවරය ඉන්න නිවාසය ගාව. විනයක් නැති මන්ත්‍රීට තමයි ප්‍රේමදාස මහත්තය නාමයෝජනා දුන්නෙ. අද පාර්ලිමේන්තුවේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු කල්ලිය අද පෙනී හිටින්නෙ විනයක් නැති උසාවියට විවිධ බලපෑම් එල්ල කරපු දේශපාලඥයෙක් වෙනුවෙන්. ඒ වගේම ඒ දේශපාලඥයා වැරදිකාරයා උනායින් පස්සෙත් අධිකරණය දිහා බලල අපහාස කරල ගියේ. ඉතින් ඒ අපහාස කරපු අය තමයි ප්‍රේමදාස මහත්තයාට ලොකු වෙලා තියෙන්නේ. ඉතින් රන්ජන් රාමනායක නැමැති මන්ත්‍රීවරයාව ආණ්ඩු බලයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා, විපක්ෂයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා. දැන් හිරේට යවලත් ඔවුන් පාවිච්චි කරනවා. ඒක තමයි මෙයාලගෙ ප්‍රතිපත්තිය.

SendShareShare
Previous Post

කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර ඩුබායි සිට ලංකාවට අරන් එයි

Next Post

මහදවාලේ ලක්ෂ විසිපහක රත්තරන් මාල පෙට්ටියක් උස්සන් දුවපු කම්බ හොරා (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.