අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර ඊයේ (13) දිනයේදී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමේ සහාය එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ හිටපු ජනාධිපතිනිය ලන්ඩනයේ සංචාරයක නිරත වී සිටි අතර ඇයව යළිි ලංකාවට ගෙන්වා ගැනීම සදහා ශ්‍රිලනිප විකල්ප කණ්ඩායම විශාල පරිශ්‍රමයක් දරා තිබිණ.










