ජූලි 9 වැනි දින විරෝධතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් සහ පිහිනුම් ශූර ජූලියන් බෝලිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෙට (17) දිනයේ කැඳවා තිබේ.
ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.