රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙරට සතලිස් තුන්ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇදුම් සහ දිවා ආහාරය නොමිලේ ලබා දුන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මිස වෙන කිසි ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවත් එම සංකල්පය ඉදිරියට ගෙන යමින් තමා විපක්ෂ නායකවරයා ලෙස බලයක් නොමැතිව වුව සක්වල වැඩසටහන හරහා පාසල්වලට බස්රථ සහ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන්නේ කිසිදු දේශපාලන වාසියක් අපේක්ෂාවෙන් නොවන බවත් මෙය හුදෙක්ම මෙරට පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන වරම් ලබා දීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (12) සක්වල 30 වැනි වැඩසටහන යටතේ රබෑව ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
රටේ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිත් නොකරන වැඩ බැරි පිරිස මේවා විවේචනය කරන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පවා මෙවැනි විවේචනය කරන පිරිස් සිටි බැවින් තමා එම විවේචනවලට නොසැලෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එසේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගමකට කර්මාන්තශාලාවක් සහ කර්මාන්තපුරයක් ලබා දීම සිදු කළා සේ තොරතුරු තාක්ෂණය මෙරට ප්‍රචලිත කිරීමේ අරමුණින් ගම්මාන කේන්ද්‍ර කර ගෙන තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කිරීමට තමා අපේක්ෂා කරන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාර්නය කළේය.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 30 වන පියවර ලෙස රුපියල් දසලක්ෂ හතලිස් හත්දහස් පන්සියයක්(රු. 1,047,500.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර 29 දී සක්වල හරහා රුපියල් 24,843,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.
එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.






















