දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණ සමරුව අදට යෙදී තිබිණි. කොළඹ මහනගර සභාවේ සභිකයෙකු ලෙස දේශපාලනයට පිවිස රටේ දෙවන විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට තරම් සංයමයක් තිබූ අද්විතීය නායකයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍ර්‍රමාණ ජනතා මෙහෙවරක් ඉටුකළ ජනසම්මතවාදී ජනතා නායකයෙකු ලෙස ප්‍රකට ය.
එතුමන්ගේ ගුණ සමරුවට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබූ අතර අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවැත්විණි