ආණ්ඩුව මූල්‍ය ත්‍රස්තවාදය සහ මූල්‍ය බෙදුම්වාදයත්, ආර්ථික ත්‍රස්තවාදය සහ ආර්ථික බෙදුම්වාදයත්,ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) හම්බන්තොට දී පැවසීය.
අපේ රට සහමුලින්ම විදෙස් රාජ්‍යන්ගේ වහල් දේශයක් බවට පත් කිරීමේ සම්පූර්ණ පිඹුරුපත් ආණ්ඩුව විසින් වරාය නගර ව්‍යාපෘතිය හරහා සිදු කොට ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බවත් ඊට අමතරව ආණ්ඩුවේ මේ කූට උපක්‍රමය පරාජය කිරීම සඳහා ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහමුලින්ම පාවාදීමට බවද ඒ මහතා පැවසීය .මේ ආණ්ඩුව බෙදුම්වාදී ක්‍රියාපිළිවෙත නවතාවයකින් කරළියට රැගෙන විත් ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව ඒ හරහා ජාවාරම්කාර මූල්‍ය ධන වාදයක් ගොඩ නැගීමට කටයුතු කොට ඇති බවද පැවසීය.
ආණ්ඩුවේ මේ වියරු ක්‍රියාදාමයට එරෙහිව සමගි ජන බලය වේගය කොන්දේසි විරහිතව පෙරට එන බව පැවසූ ඒ මහතා සැබෑ ප්‍රගතිශීලී බලවේග වලට ඒ සඳහා එක්වන ලෙසද ආරාධනා කළේය.










