ආණ්ඩුව සූදානම් වන්නේ වරප්‍රසාද ප්‍රශ්න මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමටදැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් වන ප්‍රේම්නාත් සී දොලවත්ත, ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් විසින් මතු කළ වරප්‍රසාද ප්‍රශ්න පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රශ්න කර සිටියේය.
ඉතිහාසයේත් මෙවැනි සිදුවීම් වූ බව කී ඒ මහතා ඒවායින් ආණ්ඩුවටත් රටටත් හොදක් සිදුවූයේ නැති බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම දොලවත්ත මන්ත්‍රීවරයා කළ කතාවේදී අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විවේචන 3ක් ඉදිරිපත් කළ බවත්, එය අධිකරණයට අපහාස කිරීමක් බවත් ඒ මහතා සදහන් කළේය.