මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවය.
පොලිස් තොරතුරු සඳහන් කරනු ලැබුවේ ගංජා කිලෝ 15ක් මොනරාගල පිහිටි ඔහුගේ නිල නිවෙසේ තිබී හමුවී ඇති බවය.
නිධානයක් ගොඩගැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය විසින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ජීප් රථය මුලින්ම දැඩි පරීක්ෂාවකට ලක්කර අනතුරුව නිල නිවෙස පරීක්ෂා කිරීමේදී ගංජා තොගය හමුවී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ඉදිරි විමර්ශන පැවැත්වීමට පොලිස් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මෙම පොලිස් අධිකාරීවරයාට පසුගිය කාලයේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති අතර තමන් ඉන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා මහනායක හිමිවරුන් හමුවීමට ගිය කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි බවද දැනගන්නට ඇත.