පසුගිය මැයි 9 වැනිදා ගැටුමේදී අරගලයේ නියුතු තරුණයකුගේ හිසට යකඩ පොල්ලකින් පහර දුන් ‘සතා නාලක’ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
පසුගියදා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාව අතරතුර ගිනි තැබූ බව කියන පොලිස් බස් රථය එම ස්ථානයට රැගෙන පැමිණ තිබුණේද මේ සතා නාලක නමැත්තා බව කියවේ.










