ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂ ඉල්ලීමකට අනුව ඔවුන් හමුවීමට ඉතාලිය වෙත ගොස් තිබෙනවා. ඊයේ (09) ඉතාලියට ගිය අනුර දිසානායක මහතාව රෝමයේ Fiumicino ගුවන් තොටුපළේ දී පිගනු ලබා තිබුනා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (09) ඩෙන්මාර්ක් වෙත ගොස් තිබෙනවා. ඒ එරට සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කර අටහි සම්මන්ත්‍රණයක් අමතීමට යි.
මේ අතර යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව යුරෝපයේ සංචාරයක නියුතුව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහ නෙදර්ලන්ත Socialist Partyහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන Jasper Van Dijk, Michel Van Winden සහ Robert Brand අතර හමුවක් පසුගියදා හේග් නුවර නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ දී සිදුව තිබෙනවා.