වෙල්ලමුල්ලිවයික්කාල් යුද ස්මාරකය කඩා දැමීම සම්බන්ධයෙන් හමුදාවන්ට චෝදනා එල්ල නොකරන ලෙසත්, ඊට ආරක්ෂක අංශවල කිසිදු සම්බන්ධයක් නොමැති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.
කිසියම් පිරිසක් විසින් අද (13) අලුයම් කාලයේදී මෙම ස්මාරකයට හානි කර තිබිණ.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.