• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ආණ්ඩුවේ වියදම් ගැන බොරු කියලා මාට්ටු වෙයි! FACT CHECK සාක්ෂිත් එක්කම ඔප්පු කරලා පෙන්වයි!

February 5, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ආණ්ඩුවේ වියදම් ගැන බොරු කියලා මාට්ටු වෙයි! FACT CHECK සාක්ෂිත් එක්කම ඔප්පු කරලා පෙන්වයි!
Share on WhatsAppShare on Facebook

2022 දී රජයේ ආදායම සහ වියදම අතර වෙනස 256%ක් නැතිනම් රු. බිලියන 3,058 ක් තරම් ඉහළ අගයක් ව වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පැවසූ බව ජනවාරි අග මාධ්‍ය වල වාර්තා වී තිබුණා. 2023 දී මෙරට ආදායම රු. ට්‍රිලියන 3.45 ක් වන බවට රජය අපේක්ෂා කරන අතර, එම වසර සඳහා රු. ට්‍රිලියන 6.66 ක හිඟයක් ඇති කරමින් වියදම රු. ට්‍රිලියන 10 දක්වා ඉහළ යනු ඇති බවටත් අපේක්ෂා කරන බවයි ඔහු පවසා තිබුණේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ජනවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමේ දී යි.

පවතින ආර්ථික අර්බුදය යටතේ රජය කටයුතු කරන බැවින් මැතිවරණයක් සඳහා මුදල් ලබා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි විශාල පිරිහීමක් පෙන්නුම් කරන සංඛ්‍යා ඉදිරිපත් කෙරුනු අතර, මැතිවරණයක් සඳහා අරමුදල් ලබා ගැනීම මූල්‍යමය අභියෝගයක් වනු ඇති බවට භාණ්ඩාගාරය විසින් දක්වන ලද ස්ථාවරයට එමගින් රුකුලක් ලැබී තිබුණා.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck කණ්ඩායම විසින් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, 2023 වර්ෂය සඳහා අනුමත අයවැය ඇස්තමේන්තු පරිශීලනය කර තිබෙනවා.

“2023 දී මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,450ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම අගය රාජ්‍ය අමාත්‍යවරයා විසින් දක්වා ඇති සංඛ්‍යාව සමඟ බොහෝ දුරට සමපාත වේ. කෙසේ වෙතත්, 2023 සඳහා අයවැය හරහා දක්වා ඇති රජයේ වියදම රුපියල් බිලියන 5,854 ක් පමණක් වන අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් බිලියන 10,000 ක් නොවේ.

එමෙන්ම, අයවැය හිඟය (ආදායම සහ වියදම අතර වෙනස) 2022 දී රුපියල් බිලියන 3,058 සිට 2023 දී රුපියල් බිලියන 6,662 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා පුරෝකථනය කර තිබූ හිඟය (2022 දෙසැම්බර් මාසයේදී සම්මත කරන ලද අයවැය හරහා) රුපියල් බිලියන 2,347 ක් වූ අතර, 2023 සඳහා එය රුපියල් බිලියන 2,405 ක් විය. එනම්, හිඟය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන නමුත්, හිඟයේ ප්‍රමාණාත්මක වෙනසක් සිදු වී නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන මගින් පවතින මූල්‍ය පීඩනය අතිශයෝක්තියට නැංවේ. ඔහු සඳහන් කර ඇති රජයේ වියදම 2023 දී අපේක්ෂිත වියදමට වඩා දෙගුණයකට ආසන්න වන අතර, හිඟය 2023 දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න වේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු” යි ඔවුන් සඳහන් කරනවා.

This is the State Minister of Finance, fact checked, found hugely in error, on very basics of the budget passed less than 2 months ago.

from all angles, the Economic crisis in #SriLanka is a crisis of Governance.#itsTGS “it’s The Governance, Stupid” https://t.co/tkgYA9buaS pic.twitter.com/JmexfPqjnL

— Nishan de Mel (@NCdeMel) February 4, 2023
SendShareShare
Previous Post

මීට පස්සේ ලීසිං සමාගම්වලට මහපාරෙදි අයිතිකරුවන් බිමට බස්සලා වාහන උස්සන් යන්න බෑ!

Next Post

බෙහෙත් ගැන කතා කරන්න කෙහෙළිය කැඳවපු සාකච්ඡාව වෛද්‍යවරු වර්ජනය කරයි!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.