ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවැති විරෝධයේදී ආරක්ෂක අංශ ඉදිරියට පැමිණ නොබියව අදහස් ඉදිරිපත් කළ තරුණයා පසුගිය දිනෙක අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහුගේ ගෙල ප්රදේශයට තුවාල සිදු කර ඇති බවක් වාර්තා විය.
කෙසේවෙතත් මෙම තරුණයා හට අධිකරණය මගින් පසුව ඇප ලබා දෙනු ලැබීය.
ඇප ලැබීමෙන් පසු සහෝදර හිතවතුන්ගේ ආචාර සමාචාර මැද මෙම තරුණයා අධිකරණයෙන් එළියට වීරයකු මෙන් පැමිණියේ මෙසේය.










