සක්වල වැඩසටහන අපේ රටට හුරුපුරුදු වැඩසටහනක් නොවන බවත් අප රට පුරුදු වී ඇත්තේ ආණ්ඩු බලය ලැබුණු පසු ජනතාවගේ බදු මුදල් භාවිත කර විවිධ දේ කිරීම මිස බලය නොමැති අවස්ථාවේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම අප රටට හුරු නොමැති බවත් එය සාම්ප්‍රදායික රාමුවෙන් පිට ගිය වැඩසටහනක් වන බවත් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටින අයට මෙය ඉතා සාර්ථක වෙනසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන කිසිදු විපක්ෂයක් ඉටු නොකළ ආකාරයේ වැඩ කොටසක් ඉටු කළ බවත් රට බංකොළොත් ගාමින් ආණ්ඩු පක්ෂය කිසිදු වැඩ කොටසක් රට වෙනුවෙන් සිදු නොකරමින් සිටින බවත් යම් හෙයකින් ජනතාව විසින් රටේ බාරකාරීත්වය වත්මන් විපක්ෂයට බාර දුන්නෙත් හුස්ම හා සක්වල වැඩසටහන් මෙන් සාර්ථක ලෙස අප රටේ මුදල් ගැටලුව විසඳන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පැවසීය.
සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා 52වෙනි බස්රථ පරිත්‍යාගය, අද(28) පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලයට පරිත්‍යාග කරණු ලැබීය. තමන් ළඟ නෑ, බෑ, බලමු වැනි වචන නොමැති බවත් එම අභියෝගය ලබා දුන්නොත් ලෝකයේ දියුණු රටවල් සමඟ මිත්‍රකම් ඇතිකර ගෙන නැවතත් ශක්තිමත් දේශයක්, සෞභාග්‍යමත් රටක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
දේශපාලන වේදිකාවේ කයිවාරු ගසන, ජනතාවගේ මුදල් කොල්ලකන දේශපාලනඥයන්ට මෙම බස්රථ ලබා දෙන වැඩසටහන විහිළුවක් වුවත් 2022 වසරේ ඇතැම් පාසල් විසින් විවිධ ගමන් යෑම සඳහා වන ප්‍රවාහන ගාස්තු සඳහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් එකතු කර ඇති බවත් මෙසේ බස්රථයක් නොමිලේ ලබා දීම තුළින් මෙවැනි විශාල මුදලක් එකතු වීම අවම වන බවත් එය මෙරට ජන ජීවිතවලට විශාල ලෙස බලපාන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
තරුණයන් උපයෝගී කර ගෙන කැට හොල්ලන පිරිස් වෙතින් තවමත් රටට සේවයක් ඉටු නොවූ බවත් එම පිරිස් කැට හොල්ලා තමන්ගේ පක්ෂ කාර්යාල ඉතා සුඛෝපභෝගී ලෙස සකස් කර ඇති නමුත් සමගි ජන බලවේගය තවමත් සිටින්නේ කුලියට ගත් නිවසක බවත් සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක පක්ෂ අරමුදලක් හිතුමතේට වියදම් නොකරන බවත් එම මුදල් සක්වල, හුස්ම වැනි ජනතාවට ඵලදායී වැඩසටහන් සඳහා පමණක් වියදම් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කෙතරම් මිල මුදල් තිබුණත් අධ්‍යාපනය ලැබුවත් සාරධර්මවලින් යුත් යුක්තිගරුක හා ගුණගරුක සමාජයක් නිර්මාණය කිරීම අපේ යුතුකම බව ද කියා සිටියේය.
අපේ රටේ ඇතැම් දරුවන්ට නව නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍ර පවා ඇති නමුත් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඔවුන්ගෙන් වැඩක් ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත් මෙය ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රමුඛතම කාර්යක් ලෙස නියමිත ආරක්ෂිත මෙවලම්වලින් යුක්තව පරිගණකයක හිමිකරුවකු සහ අන්තර්ජාල පාරිභෝගිකයකු කර සුහුරු රටක් නිර්මාණය කිරීමේ පදනම ස්ථාපිත කරන බවත් පැවසීය.