රට පුරා ජනතාව සාමකාමී අරගලයක හා උද්ඝෝෂණ වල යෙදෙන අතර ඒ අතරමැදට ආණ්ඩුවේ හිතවතුන්, තැරව්කරුවන් සහ රාජ්‍ය ත්‍රස්තවාදීන් ඇතුළු කොට කලහාකාරී තත්ත්වයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය ත්‍රස්තවාදය, ජන අරගලයට අත තබා ඔවුන්ට හිංසාවක් කළොත් සමස්ත විපක්ෂයම එක්ව ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම ස්ථානවලට යන බවද විපක්ෂ නායකතුමා පැවසීය.










